Archive | Uncategorized RSS feed for this section
Video

ක්ලීනර්

27 Dec

මෙම කෙටි චිත්‍රපටය තුලින් හොද පණිවිඩයක් සමාජයට ගෙනයනවා

“ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය ශිෂ්ඨාචාරය පිළිබද සාරාංශගත සටහනක් – 1 කොටස”

27 Dec

මුල් කාලීන අරාබි දේශ සංචාරකයන් හා යාත්‍රිකයින් තබා යන ලද සටහන්, අන්‍ය සමාජයන්හි සාහිත්‍ය හා ඓතිහාසික ග්‍රන්ථ මෙන්ම යුරෝපීය පාලකයන් ඉතිරි කල සටහන් ආදියෙන් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් හා ලංකාවේ ඉස්ලාමීය ව්‍යාප්තිය පිළිබදව යම් අදහසක් ලබා ගත හැක.

ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ඉන්දියන් සාගරයේ පිහිටි අරාබි ජනයාගේ වෙළද කටයුතු සමග සමීප සම්බන්ධතාවයක් සහිත වූවකි.

පර්සියානු බොක්කෙන් ආරම්භ වී චීනයේ කැන්ටන් වරාය දක්වා දිවෙන පුළුල් පෙදෙසක් මෙම අරාබි වෙළදාමට අයත් විය. ඉන්දියන් සයුරේ සුළං හමන රටාවෙහි මෙම වෙළදාම රැදී පැවති අතර ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීය වැදගත්කමක් ඇති ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව නැගෙනහිරට හා බටහිරට පැවති වෙළද මාර්ගයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් විය. එය ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළද මාර්ගයේ ප්‍රධාන තැනක් ගැනීමට ප්‍රධාන සාධකයවිය.

නැව් ආරක්ෂාකාරීව නවතා තැබිය හැකි වරායවල් පිහිටීම , අවශ්‍ය ප්‍රමාණයට කුළු බඩු ලබා ගැනීමට හැකිවීම මෙන්ම පිරිසිදු ජලය ලබාගැනීමට තිබූ පහසුකම ශ්‍රී ලංකාව වෙළදාමේ ප්‍රධාන තැනක් ගැනීමට හේතු වූ අනෙක් සාධක වේ. මෙලෙස ඉස්ලාම් දහම බිහිවීමටත් පෙර සිට ශ්‍රී ලංකාවේ අරාබි ජනාවාස බිහිවීමට මෙම කරුණු හේතුවිය.

රෝම අධිරාජ්‍යයේ වර්ධනයට සමගාමීව අරාබිවරුන් පෙරදිගට පැමිණීම ආරම්භ විය. ක්‍රි: පූ: 27 දී බලයට පත් ප්‍රථම රෝම අධිරාජ්‍යයා වූ ඔගස්ටස් ගේ පාලන සමයේ දියුණු වූ අන්තර්ජාතික වෙළදාම මෙලෙස ක්‍රිස්තු වර්ෂයේ ආරම්භක යුගයේ සිට පෙරදිගට ව්‍යාප්තවිය. අරාබි වෙළෙන්දන් ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් පැමිණීම මෙහි ප්‍රතිඵලයකි. 

ප්‍රාග් ඉස්ලාමීය අරාබිවරුන් ශ්‍රී ලංකාව හැදින් වූයේ ජසිරාත් අල් යාකූත් නමිනි. මෙහි අර්ථය රතු මැණික් දිවයින යන්නයි. ශ්‍රී ලංකාවේ රතු මැණික් අරාබි වෙළදුන් අතර ප්‍රසිද්ධ වී තිබූ බව මින් පැහැදිලි වේ. 

ශ්‍රී ලංකාවේ අරාබි ජනාවාස පිළිබද වැඩිදුර කතිකාවේදී පහක සාධක ඉතා වැදගත් වේ.

පසුගිය වසර 2000 ට පෙර සිටම අරාබි ජනයා ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස ජීවත්වූ නිසා ආදිවාසී ජනයා තරම්ම ඔවුන්ද පුරාණ අය ලෙස සලකණු ලබන බව හිටපු පුරාවිද්‍යාඥ ආචාර්ය බාලේන්දු සදහන් කරයි.

ක්‍රි: පූ: 437 – 367 සමයේ අනුරාධපුරයේ රජකල පණ්ඩුකාභය රජතුමා විදේශීය වෙළදුන් සදහා වෙනම ජනපද පිහිටවූ බවද එහි යවනයින් සදහා වෙනම ජනපදයක් වෙන්කර තිබූ බවටද මහා වංශයේ සදහන් වන බවත් මහාවංශයේ යවනයින් ලෙස දැක්වෙන්නේ අරාබිවරුන් පිළිබදව බවත් මහාවංශය පිළිබද පර්යේෂණ පවත්වා පරිවර්තනය කල ගයියර් පවසයි. 

ක්‍රි:ව: 640 දී යෙමන් රාජ්‍ය වාසිකයින් දෙනෛකු පැමිණිබවත් ඉන් අයෙකු මන්නාරමේ හා අනෙක් පුද්ගලයා බේරුවල යන ප්‍රදේශවලට ගොඩබැසූ බව වාන්කාන්ඩර් නම් තැනැත්තා යෝනක නම් ග්‍රන්ථයේ සදහන් කරයි.

මෙමගින් ශ්‍රී ලංකාව හා අරාබිවරුන් අතර සමීප සබදතා තවදුරටත් පැහැදිලි වේ.

මෙලෙස අරාබිවරුන්ගේ මෙම ජනපද සම්ප්‍රදාය ඉස්ලාම් බිහිවීමෙන් පසුවත් ඒ අයුරින්ම පැවතිණ. එපමණක් නොව ඔවුහු ස්වදේශීය කතුන් විවාහ කරගත්හ. එතෙක් අරාබි වෙළදුන් ලෙස හැදින් වූ ඔවුන් පසුව අරාබි මුස්ලිම් වෙළදුන් ලෙස හැදින්වීමට පටන් ගත්තේය. මෙලෙසින් මුස්ලිම්වරු ලෙසින් පදිංචි වූ අරාබි ජනයාගේ ඉස්ලාමීය සදාචාරාත්මක ගුණයන්ද, වෙළද කටයුතු වල ඔවුන් දැක්වූ අවංකභාවයද , අනෙකුත් යහපත් ලක්ෂණද ඉස්ලාම් දහම ශ්‍රී ලංකාවේ පැතිරීමට හේතු සාධක විය. 

සිද්දිලෙබ්බෙයි මහතා මුස්ලිම් නේෂන් පුවත්පතට අල්කියාබාකරි ග්‍රන්ථය සාධක වශයෙන් ඉදිරිපත් කරමින් මෙසේ ලියයි. “ක්‍රි:ව: 628 දී නබි (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ශාන්තිය හිමිවේවා) තුමාණන් විසින් වහාබ් ඉබ්නු අබී හබ්සා නම් සහාබිවරයා ( චීන රජු වෙත ඉස්ලාම් දහම පිළිබද පණිවිඩය ගෙන ගියේද මෙම සහාබිවරයාය.) ලංකාවේ රජු වෙත එවනු ලැබුවේය. මෙහි පැමිණි ඔහු නබි (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ශාන්තිය හිමිවේවා) තුමාගේ ලිපිය රජතුමා වෙත භාර දුන් පසු සහාභිවරයාගේ කාර්යය කිරීමට රජතුමා අවසර දුන් අතර මස්ජිදයක් ඉදිකිරීමටද අවසර දුන්නේය. කැමති අයට එම ආගම වැළද ගැනීමටද අවසර දුන්නේය. එම සහාබිවරයා එවකට මෙහි වාසය කල අරාබිවරුන්ට ඉස්ලාම් දහම දේශනා කල අතර ඇතැමුන් එම ආගම වැළදගත්තේය. ක්‍රි:ව:632 දී ඔහු ආපසු අරාබියටපිටත්ව ගියේය.”

අරාබියේ අළුත් ආගමක් බිහිවූ බව දැනගත් ශ්‍රී ලංකාවේ මහරජ දෙවන අග්‍රබෝධි රජතුමා (ක්‍රි:ව: 623 – 633) ඒ පිළිබදව දැන ගැනීම සදහා දූත පිරිසක් යවා තැබීය. මෙම පිරිස අරාබියට ළගාවූ අවස්ථාව වන විට නබි (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ශාන්තිය හිමිවේවා) වෆාත් වී (ජීවිතයෙන් සමුගෙන) සිටි අතර දෙවන කලීෆා උමර් (එතුමාට සාමය හිමිවේවා) එවකට පාලකයා විය. උමර් (එතුමාට සාමය හිමිවේවා) තුමාව හමුවූ දූත පිරිස එතුමාගෙන් ඉස්ලාම් පිළිබද දැනගෙන ලංකාවට පෙරළා පැමිණෙන විට මක්රාන් හිදී (වර්තමාන කරච්චියේදී) දූතයෙකු අභාවයට පත්විය. අනෙක් දූතයා ලංකාවට පැමිණ තමා දැනගත් තොරතුරු දැන්වීය. ඉතිහාසඥයෙකු වූ ඉබ්නු ෂහ්ර්යාර් අජාබුල් හින්ද නම් තම ග්‍රන්ථයේ මෙම තොරතුරු සදහන් කරයි.

උමෛයා කලීෆා වරුන් වන කලීෆා අබ්දුල් මලික් (686 – 707) හා කලීෆා වලීද් (705 – 715) යන අයගේ කාල වල ආණ්ඩුකාර හජ්ජාජ් ගේ තාඩන පීඩනවලට බිය වූ හාෂිම්වරු තමිල්නාඩුවේ මලක්කාවේ හා ශ්‍රී ලංකාවේ පදිංචි වූහ. ශ්‍රී ලංකාවේ ඊසාන දිග හා වයඹ දිග පිහිටි ත්‍රිකුණාමලය , පුත්තලම , යාපනය , මාන්තොට , මන්නාරම , කුතිරමලෙයි , කොළඹ හා බේරුවල (බාබරින්) වැනි ප්‍රදේශ වල මෙසේ පදිංචි වූ මුස්ලිම්වරුන් දිවි ගෙවූ බව ඇලෙක්සැන්ඩර් ජෝස්ටන් නම් ලේඛකයා සදහන් කරයි. 

ශ්‍රී ලංකාවේ ජීවත් වූ මුස්ලිම්වරුන් තමන්ට ආගමික නීති රීති පිළිබද ඉගෙන ගැනීමට සදහා උපදේශකවරයෙකු එවන ලෙස බැග්ඩෑඩය පාලනය කල අබ්බාසීය කලීෆා හාරූන් අල් රෂීද් වෙත ඉල්ලීමක් කල අවස්ථාවේ හිජ්රි 300 දී කාලීෆා කාලිද් ඉබ්නු අල් බකායා ශ්‍රී ලංකාවට එවන ලදී. නිසි ලෙස තම වගකීම් ඉටුකල ඔහු හිජ්රි 317 දී අභාවප්‍රාප්ත වූ අතර කොළඹදී භූමිදානය කරන ලදී. ඔහු සිහිකිරීමක් වශයෙන් භූමිදානය කල ස්ථානයේ ස්ථාපිත කිරීමට කලීෆා හාරූන් විසින් බැග්ඩෑඩ් හි සිට සොහොන් ගලක් (Tomb Stone) එවා තිබිණ. එය අදවන විට කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 

කොළඹින් දුරස් වූ පුලියන් තීවු , ත්‍රිකුණාමලය හා මඩුල්බෝව වැනි ස්ථාන වලින් සොයා ගන්නා ලද සොහොන් ගල්ද මෙරට මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය දැක්වෙන සාධකයකි. මුතුරාජවෙල , මීගමුව, වත්තල , ගම්පොල හා ගලගෙදර වැනි ස්ථාන වලින් හමුවූ අරාබි කාසිද එකී ව්‍යාප්තිය තවදුරටත් තහවුරු කරනු ලබන තවත් සාධකයකි.

ශ්‍රී ලංකාවේ අරාබි ජාතිකයින් පදිංචි වීමටත් , ජනපද බිහි බීමට හා ඉස්ලාම් දහම ව්‍යාප්තියටත් වෙළදාම ප්‍රධාන සාධකය විය. නැගෙනහිර හා බටහිර අතර පැවති ප්‍රධාන ස්ථානය ගත් වරාය ආශ්‍රිත නගර එකල ප්‍රධාන වෙළද මධ්‍යස්ථාන විය. සුළං පහර ආධාරයෙන් මුහුදු ගමන් ගිය අරාබි වෙළදුන් දකුණු ඉන්දියවේ වෙරළබඩ වරාය ආශ්‍රිත නගර හෝ ලංකාවේ වරායන්හි ලැගුම් ගෙන ගියහ.

වෙරළ ආශ්‍රිතව ලබාගත හැකි සේවාවන් හේතුවෙන් මෙසේ නැවතී යාම මෙන්ම පසුව එම ප්‍රදේශයන්හි අරාබි ජනාවාස බිහිවීමටද මෙම සේවාවන් හේතු විය. ක්‍රිස්තු වර්ෂයට පෙර සිටම ලංකාවෛරළබඩ නගර වල හා අනුරාධපුරය වැනි අභ්‍යන්තර නගර වලද අරාබි වෙළදුන් විසූ බවට ඉතිහාසඥයෝ පවසති. මෙලෙස වෙළදාම් කටයුතු කිරීමේ අරමුණින් ජනාවාස වූ අරාබි ජනයාගේ ඉස්ලාමීය වත් පිළිවෙත් ස්වදේශීය ජනයාගේ මහත් පිළිගැනීමට ලක්විය. 

ශ්‍රී ලාංකාවේ ඉස්ලාම් දහම දියුණු වීමට දායකවූ තවත් කරුණක් ලෙස දකුණු ඉන්දීය මුස්ලිම්වරුන් හා ලාකීය මුස්ලිම්වරුන් ඇති කරගත් සම්බන්ධතා දැක්විය හැකිය.අරාබි මෙන්ම ඉන්දීයානු වෙළදුන්ද ලාංකීය වෙරළබඩ නගර වල පදිංචි වී ජනාවාස පිහිටුවා ගත්හ. 

“…දකුණු ඉන්දියාවේ තිබෙන නාගූර් , කාරයිකාල් , තොණ්ඩි හා කායල් පට්ටනම් වැනි ප්‍රෙද්ශ වලින් මුස්ලිම්වරුන් වෙළදාම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වූහ.” යනුවෙන් සිද්දි ලෙබ්බෙයි පසා ඇත

ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළබඩ නගර වල ඉස්ලාමීය ව්‍යාප්තිය පිළිබද පහත කරුණු සාධක ලෙස දැක්විය හැකිය. 

ක්‍රි:ව: 12 දී මුස්ලිම් වෙළදුන් විශාල පිරිසක් වැලිගම ප්‍රදේශයේ ධනවතුන් ලෙස ජීවත්වූ අතර එසේ දිවි ගෙවූ ආර්ථිකව දියුණු මුස්ලිම්වරු පෘතුගීසීන් විසින් කොල්ලකනු ලැබූහ. 

14 වන සියවසේ ගාල්ලේ මුස්ලිම්වරුන් ජීවත් වූ බවට ඉබ්නු බතූතා ගේ සංචාරක සටහනෙහි සදහන් වන ඔහු බේරුවලට ගිය අවස්ථාවේ දී නාහුර් ඉබ්රාහීම් යන නාවික නායකයා තමාට සංග්‍රහයක් පවත්වා ගෞරව දැක්වූ බවට කරනු ලබන සටහන මෙයට සාධක ලෙස දැක්විය හැක. 

ක්‍රි:ව: 10 වන ශතවර්ෂයේ පටන් බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් වර්ධනය වී පැවතිණ. ක්‍රි:ව: 930 ට අයත් මෙහි සොයාගත් සොහොන් ගලද ක්‍රි:ව: 1010 ට අයත් පෙරිය තම්බි මරික්කාර් ට ලාංකීය රජු විසින් ප්‍රදානය කල තඹ සන්නසද තවත් සාධක දෙකකි.

 

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය වර්ධනයට අරාබියෙන් පැමිණි ආගමික ප්‍රචාරකයන්ගේ දායකත්වය අති මහත්ය. 

ලාංකීය මුස්ලිම්වරුන් අතර ආගමික භක්තිය හීන වී පැවති කාල වකවානුවලදී ඔවුන් වෙත ආගමික දේශන පවත්වා ඔවුන් යහමගට ගැනීමට බැග්ඩෑඩයේ කලීෆාවරයා විසින් කාලිද් ඉබ්නු බකායා නම් දේශකයා එවන ලද අතර එතුමාගේ සොහොන් ගල කොළඹදී සොයා ගැනීමෙන් කොළඹ එවකට මුස්ලිම් ජනාවාස වල මධ්‍යස්ථානයක් ලෙස පැවති බව පැහැදිලි වේ.

මෙලෙස මෙම යුගයේදී ඉස්ලාම් දහම ස්ථාවර වීම සදහා අවශ්‍යය සියළුම අධ්‍යාපන පහසුකම් ලබා දුන් බව සර් ඇලෙක්සැන්ඩර් ජොන්සන් ගේ පහත සදහන් ප්‍රකාශයෙන් පැහැදිලි වේ. 
“පර්සියානු බොක්ක, බසරාව ආදිය හරහා බැග්ඩෑඩ් සමගද , අනෙකුත් කිලාෆත් රටවල් සමගද , අරාබි මුහුද හා ඊජිප්තුව හරාහා මධ්යිධරණී මුහුදු ප්‍රදේශයේ මුස්ලිම් රාජ්‍යය සමගද , එසේම ස්පාඤ්ඤයේ මුස්ලිම් රජ සමගද පවත්වාගෙන ගිය සබදතා මගින් ඔවුන් මෙම රටවල පැවති ඉස්ලාමීය නීති රීති පිළිබද විවිධ අරාබි මූලාශ්‍ර ග්‍රන්ථ ශ්‍රී ලංකාවට හදුන්වා දුන්හ.”

 

පහත කරුණුද තවදුරටත් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය වර්ධනය පිළිබදව සාධක ලෙස දැක්විය හැක.

1. ක්‍රි:ව: 12 වන සියවසට අයත් අරාබි දේශ ගවේෂකයෙකු වූ අල්ඉද්රිස් ගේ ප්‍රකාශයක් වන “එකල ලංකාවේ පැවති සියළුම ආගම් මෙන් ඉස්ලාම් ආගමද සමාන සැලකූ අතර එකල රජපගේ උපදේශකවරුන් ලෙස මුස්ලිම් ඇමතිවරු 4 පත්කර සිටින ලදි.” යන ප්‍රකාශය දැක්විය හැක.

2. “මුල් කාලීනව වෙරළබඩ නගරයන්හි වර්ධනය වී පැවති ඉස්ලාම් දහම පසුව රට අභ්‍යන්තරයේද ක්‍රමිකව වර්ධනය වීම ඇරඹිණ. යාපහුව , කුරුණෑගල, දඹදෙණිය වැනි ප්‍රදේශ වල හිජ්රි 4 වන ශතවර්ෂයේදී ඉස්ලාම් දහම පැතිර පැවති බව” අල් ඉද්රීස්ගේ ප්‍රකාශයන්ට අනුව දැක්වේ. 

3. ඉබ්නු බතූතා ගේ සටහන් වලට අනුව පුත්තලම හා කුරුණෑගල පිළිබදව විශේෂයෙන් සදහන් කරයි. 
“කුරුණෑගල අගනුවර කර ගනිමින් රජකළ දෙවන බුවනෙකබාහු රජ මැදගෙඩිය කුමාරිහාමිනේ නම් අස්වැද්දුම ගමෙහි විසූ මුස්ලිම් කාන්තාව විවාහ කර ගත්තේය. මෙම දෙදෙනාට දාව උපන් වස්තු හාමි මුස්ලිම්වරයෙකු ලෙස හැදී වැඩුණු අතර අවසානයේ ඔහු රජකමට පත්වීම පිළිබද අකමැති වූවන් සමහරක් විසින් ඔහුව මරා දමන ලදී. ගලේ බණ්ඩාර ඖලියා නමින් ඔහු ඝාතනය කල ස්ථානයේ සොහොන අදටත් පවතිනු දැකිය හැක.” 

තවදුරටත් කරුණු සදහන් කරන ඉබ්නු බතූතා මෙසේද සදහන් කරයි. 

“කුරුණෑගලට තමන් ගිය බවද ශේක් සිරාසි යන අය එහි මස්ජිදයක වාසය කරමින් සමනළ කන්දට වන්දනාවේ යන බැතිමතුන්ට මාර්ගය පෙන්වා දෙමින් සිටි බවද සදහන් කරයි.” ඉබ්නු බතූතාගේ මෙම සටහන කුරුණෑගල ආශ්‍රිතව ඉස්ලාම් ආගම පැතිර පැවති බවට සාධක සපයයි.

 උපුටා ගැනීම

https://www.facebook.com/islamsinhalen

 

“ජාතික හැදුනුම් පත බලයි. මුහුණ නොබලයි” – ඩයලොග් සමාගම.

26 Dec
 ඔහු උපතින්ම අබාදිතය. පොලිසිය සහ ඩයලොග් සමාගම දිගින් දිගටම පිඩාවට පත් කරනු ලබන්නේ එවැනි පුද්ගලයෙකි. මිට හේතුව ඔහුගේ ජාතික හැදුනුම් පත උපයෝගී කරගෙන සිම් කාඩ් ලබා ගන්නා පුද්ගලයින් ඔහුගේ නම උපයෝගී කරගෙන නොයෙකුත් වංචාවන් සහ අපරාද සිදු කිරීමයි. රටක් දිනන්නේ බලවතුන්ට සලකන ආකාරයෙන් නොව අසරණයින්ට සලකන ආකාරයෙනි.
 
01. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.
 
02. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.
 
නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන ඩයලොග් සිම් කාඞ්පත් රැගෙන  
වංචා කිරිම හා අපරාධ සිදුකිරීම.
 
බේරුවල දංගෙදර මුදියන්සේ කෝරළේ සුනිල් ශාන්ත, අවු: 45යි, ජාතික හැඳුනුම්පත නැති වී ඇත*, විවාහක, හෝටල් කම්කරු. 
ලිපිනය : 56/4, කවිරාජ මාවත, මොරවින්න, පානදුර. 
දු.අ. 0385685477 හා 0729107324
2013.12.26 දිනදීය.
 
01. 2013 මාර්තු මස 26 වන දින, මාගේ ජාතික හැඳුනුම්පත, බැංකු පොත, කාඞ්පත ඇතුලූ ලේඛන නැතිවූවා.
 
02. 2013 මාර්තු මස 29 වන දින මාගේ ජාතික හැඳුනුම්පත – අංක 691354318ඪ දරන – නැතිවූ බවට, පානදුර දකුණ පොලිසියේ පැමිණිලි කලා. (පැමිණිලි පිටු අංකය 89 – ජේදය 287 වේ).
 
03. එසේ මාගේ නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන , ඩයලොග් සිම් තුනක් රැගෙන තිබේ. එම සිම් තුන භාවිතා කර, වංචා රැසක් කර ඇති අතර, එ් සම්බන්ධයෙන් අපරාධ/වංචා නඩු වලට සම්බන්ධ බවට මා නිරපරාදේ චෝදනා ලැබ තිබේ.
 
3.1 2013.07.14 දින මාගේ නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන, ලබාගත් ඩයලොග් සිම්පතකින් කර තිබෙන මුදල් වංචාවකට- මා සැකකරු වශයෙන් පොතුහැර පොලිසියට කැඳවා, මාගෙන් ප‍්‍රශ්ණ කර ප‍්‍රකාශයක් ගන්නා ලදි. (පොල්ගහවෙල  ම/උ – බී1702/13 නඩුවට අදාලව)*
 
මෙම සිද්ධියෙන් පසුව, මා පොතුහැර පොලිසියේ උපදෙස් පරිදි, පානදුර ඩයලොග් සමාගමට ගොස් කරුණු දක්වා ලිපියක් දී, එම සිම් පත අවලංගු කරවන ලදි.
 
3.2 2014.01.24 දින උදේ 9.00 ට අංක 238/ඊ/13 දරන හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් උසාවියේ පවතින නඩුවට පෙනී සිටින ලෙසට, බිංගිරිය පොලිසිය පණවුඩයක් මගින් මට දැනුම් දී තිබෙනවා.
 
2013.11.16 දින එම පණිවුඩය මට පානදුර දකුණ පොලිසිය ගෙනවිත් බාරදී තිබෙනවා.
 
මෙම පණිවුඩයට සම්බන්ධ සිතාසිය, පානදුර පොලිසියෙන් බාර දෙන ලදි.
 
එහි සඳහන් වන්නේ – දුරකථනයෙන් බැණ තර්ජණය කිරීමක් සම්බන්ධයෙන් මට විරුද්ධව චෝදනාවක් තිබෙන බවයි.
 
3.3  2013.12.25 වන දින දවල් 12.00 ට පමණ සුදු පාට වෑන් රථයකින් හත් දෙනෙක් පැමිණියා.
 
එයින් 05කු පොලිසි නිලධාරීන්ය. වෑන් රථයේ අයිතිකරුකරු ද විය.
 
ඔවුන් පැමිණියේ, වෑන් රථයේ අයිතිකරුගෙන් මුදල් ගැනීමක් සම්බන්දයෙන් මා අත්අඩංගුවට ගැනීමටය.
 
මගේ විස්තර ඇසූ විට, එම කෙනා කියා සිටියා මුදල් ගත්තේ මා නොවන බව.
 
එ් සමගම, මා මාගේ ජාතික හැඳුනුම්පත නැතිවීම පිලිබඳව විස්තර ඉදිරිපත් කලා.
 
එසේ වුවත් මා අත්අඩංගුවට ගෙන, කටඋත්තරයක් ගන්න තිබෙනවා යැයි කියම්න් මාව මොරටුමුල්ල පොලිසියට එම වාහනයෙන්ම ගෙන ගියා. 
 
එම නිලධාරින් මොරටුමුල්ල පොලිසියෙන් බව ප‍්‍රකාශ කලා. මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එහිදී, මාගේ නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන, ඩයලොග් සිම් පත් දෙකක් ගෙන ඇති බව දැනගත්තා. 
 
3.4 ඩයලොග් සමාගමට අනුව, 2013.08.01 දින – අංක 077671280 සම්පතද, 2013.09.13  දින අංක 0777129609 සිම්පතද ගෙන ඇත.
 
3.5   මේ ආකාරයට,  මාගේ නැති වූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන, ජංගම දුරකථන (ඩයලොග්* සිම්පත් කොපමණ ප‍්‍රමාණයක් ගෙන ඇද්දැයි මා නොදනිම්.
 
මා ප‍්‍රකාශ කර සිටින්නේ,
ඩයලොග් සමාගම මට කියා සිටියේ ජාතික හැ`දුනුම්පත දුන්නොත් ඔවුන් සිම්පත් නිකුත් කරන බවයි. ඔවුන් බලන්නේ ජාතික හැ`දුනුම්පත් අංකය පමණක් ද ? මුහුණ බලන්නේ නැද්ද ? යන්න ප‍්‍රශ්ණයකි.
 
එසේම අද අද දින මා පානදුර පිහිටි ඩයලොග් සමාගමේ ශාඛාව වෙත ගොස් – නැවත මාගේ හැ`දුනුම්පතට සිම් නිකුත් නොකරන ලෙස ඉල්ලා සිටි විට පවසා සිටියේ, අපිට කරන්න දෙයක් නැහැ, අපි සිම් නිකුත් කරනවා, කොළඹට ගිහින් කියන්න කියාය.
 
ඔවුන් මට – කොලඹ 02, යූනියන් පෙදෙස, අංක 475, හි පිහිටි –  ෘස්කදට ්ංස්ඒ ඡුඛක්‍  වෙත යන ලෙසට ලිපිනය ලියා දුන්නා.
 
මා ඉල්ලා සිටින්නේ,
 
01. මාගේ නැති වූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන, සිදුකරන වංචා අපරාධ නොපමාව නතර කිරීමට පියවර ගන්නා ලෙසටත්,
 
02. මාගේ නැතිවූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන , පොතුහැර පොලිසිය මගින්,  පොල්ගහවෙල  මහේස්ත‍්‍රාත් උසාවියේ පවරා ඇති – අංක /උ – බී1702/13 දරන නඩුවෙන් මුදාහැරීමට – නිසි පියවර ගන්නා ලෙසටත්,
 
03. ජාතික හැ`දුනම්පත නැතිවී බව දැනුම් දී තිබියදීත් සහ එම හැ`දුනුම්පත භාවිතා කොට ලබාගෙන තිබූ ඩයලොග් සිම් කාඞ්පත අවලංගු කර තිබියදීත්, එම හැ`දුනුම් පතටම යලි යලිත් ඩයලොග් සිම් කාඞ් පත් නිකුත් කිරීම සහ එය වලක්වා ලීමට නොහැකි බව ප‍්‍රකාශ කරමින්, අපරාධ වලට ආධාර අනුබල දීම පිළිබ`දව, ඩයලොග් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්, 
 
4. නිසි පරීක්ෂණ පවත්වන්නේ නැතිව, බිංගිරිය පොලිසිය මගින්, බැණ තර්ජණය කිරීමක් පිළිබ`දව – අංක 238/ඊ/13 දරන හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු පවරා, මා දැඩි පීඩාවට, ආර්ථික අපහසුතාවයට පත් කිරිම පිලිබ`දව- බිංගිරිය පොලිසියට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ද –
 
ඉල්ලා සටිමි.
 
මෙ මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කර ඇති බවද ප‍්‍රකාශ කර සිටිමි.
 
මා උප්පත්තියෙන් ආබාධිතයෙකු බවද ප‍්‍රකාශ කර සිටිමි.
 
 
බී.ඞී.එම්.කේ. සුනිල් ශාන්ත
උපුටා  ගැනීම
 

ජවිපෙ ඉතිහාසය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය 02

23 Dec

 

කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 21

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කම්කරුවන් හා තරුනයන් ධනපති ක‍්‍රමයට කොටු කර දීමේ කි‍්‍රයා කලාපයක යෙදී සිටී.

මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක දෙවන කොටසයි. පලමු වනකොටස ඊයේ පලවිය.

2012 අපේ‍්‍රල් මාසයේ දී පෙසප දියත් කරන විට, ජවිපෙ අවස්ථාවාදී දේශපාලනයෙන් තමන් බිඳුනේ යැයි ප‍්‍රකාශ කරමින් 1978-2012 ජවිපෙ ගමන් මග: පක්ෂය දෙස ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් සහ අනාගතය වෙත ප‍්‍රවේශයක් (ස්වයං විවේචනය)නමින් පොතක් නිකුත් කලේ ය. මෙම පොත තහවුරු කරන්නේ ජවිපෙ දේශපාලන කුනුවීම පමනක් නොව තමන්ගේ දක්ෂිනාංශික දේශපාලන උපාමාරුවට කවරයක් ලෙස ව්‍යාජ වාම වචන දොඩවන නමුත් පෙසප ද එම දේශපාලනයෙන් බිඳී නැති බවයි.

1965 ජවිපෙ පිහිටුවනු ලැබුවේ, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ද පාවා දෙමින් 1964 දී ලසසපය ධනපති ශී‍්‍රලනිපය සමග හවුල් ආන්ඩුවකට ඇතුලුවීමෙන් ජනිත කෙරුනාවූ ගැඹුරු දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. 1953 අගෝස්තු 12 දා හර්තාලයෙන් ප‍්‍රකාශයට පත් කෙරුනා වූ 1950 ගනන්වල කම්කරු පන්තියේ පෙරලිකාරිත්වයට වල කැපීම සඳහා ඇවිස්සූ ශී‍්‍රලනිපයේ සිංහල අධිපතිවාදයට ලසසප නග්නවම අනුගත විය.

ලසසප පාවාදීම සූදානම් කරනු ලැබුවේ, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ කි‍්‍රයාමාර්ගය ප‍්‍රතික්ෂේප කරමින් හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගුනා වූ පැබ්ලෝවාදී සංශෝධනවාදී ප‍්‍රවනතාවේ නායකයින් විසිනි. පැබ්ලෝවාදී ප‍්‍රවනතාව ධනවාදයේ පශ්චාත් යුදකාලීන සමථයට අනුගත වූ අතර ස්ටැලින්වාදී නිලධරය ප‍්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ප‍්‍රකාශ කලේ ය. ට්‍රොට්ස්කිවාදී පක්ෂ ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජාතික ධනපති පක්ෂවලට ඇතුලු වී ඒවා වමට තල්ලු කල යුතුයැයි පැබ්ලෝවාදියෝ කියා සිටියහ. ලසසපය පැබ්ලෝවාදීන්ගේ මෙම පිලිවෙතට සහයෝගය දුන්නේ ය. පැබ්ලෝවාදියෝ, අනෙක් අතට, ධනේශ්වර සභාගයක් තුලට පැද යාමට ලසසපයට අනුබල දුන්හ.

ලසසප පාවාදීම, 1960 ගනන්වල ජවිපෙ ද, 1970 බලයට ආ ශී‍්‍රලනිප-ලසසප-කොප දෙවන සභාග ආන්ඩු සමයේ එල්ටීටීඊයේ ද පැන නැගීම ඇතුලු සුලු ධනේශ්වර කන්ඩායම්වල මතුවීමට දොර හැරියේ ය.

ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුව සිටි විජේවීර පීකිං කන්ඩායම ඉන් වෙන් ව මා ඕවාදී පක්ෂයක් තනන විට ඊට එක් වී පසුව ඉනිදු කැඩී ගොස් ජවිපෙ සංවිධානය කලේ ය. මා ඕවාදය හා කස්ත්‍රෝවාදය සිංහල ජාතිවාදය සමග මිශ‍්‍ර කර ගත් ජවිපෙ දේශපාලනය ගම්බද දුගීන්ගේ විමුක්තිය සඳහා වෙනම මාවතක් ඇතැයි ප‍්‍රකාශ කරමින් දේශපේ‍්‍රමී ව්‍යාපාරයක් තැනීමට කැප වී ගත් එකක් විය.

1968 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙස සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගොඩ නැගුනේ 1960 ගනන්වල පැන නැගි මේ දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. ලසසප පාවාදීමට හා පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව හජාජාක කල අරගලයේ පාඩම් උකහා ගනිමින් විකොස සකලාකාර ජාතිකවාදයන් ප‍්‍රතික්ෂේප කලේ ය. විකොස ඉදිරි දර්ශනය පාදක වූයේ, පසුගාමී රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉටු කල හැකි වන්නේ කම්කරු පන්තිය, ගම්බද දුගීන්ට නායකත්වය ලබා දෙමින් සිදු කරන සමාජවාදී විප්ලවයේ අතුරුඵලයක් ලෙස ය යන්න අවධාරනය කල ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත ය.

එවක විකොස ප‍්‍රධාන ලේකම්ව සිටි, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය 1970 දී ලියූ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නමැති ලිපි මාලාවෙන් (මෙම ලිපි මෙනමින් ම පොතක් වශයෙන් මුද්‍රනය කර ඇත) තීක්ෂන විශ්ලේෂනයකින් ජවිපෙ දේශපාලන වංකගිරිය හා ප‍්‍රතිගාමී ස්වභාවය එලිදරව් කලේ ය.

කම්කරු පන්තිය හෙවත් නිර්ධන පන්තිය මෙම ධනවාදී යුගයේ ප‍්‍රධාන විප්ලවවාදී බලවේගය ය යන කම්කරු පන්තිය පිලිබඳ මාක්ස්වාදී විද්‍යාත්මක ආස්ථානය ප‍්‍රතික්ෂේප කරමින් නිර්ධන පන්තිය යනු ගම්බද දුගීන් ඇතුලු සියලු පීඩිතයන් අන්තර්ගත කර ගත් සමාජ ඛන්ඩයක් යයි පරාගතවාදී සුත‍්‍රයක් ජවිපෙ ඉදිරිපත් කලේය. ජවිපෙ ස්ටැලින්වාදී අවධි දෙකේ විප්ලව න්‍යාය – එනම් විප්ලවයේ පලමු අවධිය යනු ජාතික ධනේශ්වරය සමග පෙල ගැසී කරන ධනේශ්වර විප්ලවයකට ද සමාජවාදී විප්ලවය අනාගත අවධියකට ද බෙදීම – වැලඳ ගනිමින් ජාතික ධනපති පන්තිය ප‍්‍රගතිශීලී කර්තව්‍යයන් ඉටු කිරීමට සමත් බව ප‍්‍රකාශ කලේ ය.

තම කොන්දේසි වැඩි දියුනු කරගැනීමට කම්කරුවන් අරගලයට ආ විට ජවිපෙ ඒවා හෙලා දුටුවේ, “කැඳ කෝප්ප සටන්” ලෙස යි. ඉන්දියානු සම්භවයක් සහිත දෙමල වතු කම්කරුවන් හංවඩු ගැසුවේ “වරප‍්‍රසාදිත කන්ඩායමක්” සහ “ඉන්දියානු ව්‍යාප්තවාදයේ” ඉත්තෙක් ලෙස ය. – මෙම ආස්ථානයෙන් පෙන්නුම් කෙරුනේ ජවිපෙ දේශපාලනය තුල අනාගත ෆැසිස්ට්වාදී දිශාවනතියක බීජ බව බාලසූරිය පැහැදිලි කලේ ය.

තමන්ගේ සුලු ධනපති න්‍යායන් මත පාදකව 1971 අපේ‍්‍රල් මාසයේ ජවිපෙ දියත් කල අතිධාවනකාරී ගරිල්ලා නැගිටීම පාලක සභාග ආන්ඩුව විසින් තලා දමනු ලැබුවේ 15,000 ගම්බද තරුනයින් ඝාතනය කරමිනි.

1971 ව්‍යසනය ජවිපෙ ගැන විකොස විශ්ලේෂනය සනාථ කලේ ය. 1970 සභාග ආන්ඩුව බලයට ගෙන ඒමට කි‍්‍රයාකරන අතර ම එය “ප‍්‍රතිවිප්ලවයන්ගෙන්” ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමින් ජවිපෙ සිදු කල අවස්ථාවාදී අනුගත වීම විකොස හෙලිදරව් කලේය. කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කොට දියත් කෙරෙන හුදකලා, අතිධානවකාරී ගරිල්ලා කැරැල්ලකින් සභාග ආන්ඩුවේ අත් ශක්තිමත් කරන බව විකොස අවධාරනය කලේ ය. කෙසේවුවත්, තම මූලධර්මාත්මක දේශපාලන ශක්තිය ප‍්‍රදර්ශනය කරමින් ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට විකොස බලගතු අරගලයක මූලිකත්වය ගත්තේ ය.

මෙම අර්බුදයෙන් පසුව, විජේවීර 1978 දී, 1971 අපේ‍්‍රල් දෙස ස්වයං-විවේචනාත්මකව ආපසු හැරී බලමු නම් වූ ස්වයං විවේචන ප‍්‍රකාශයක් නිකුත් කලේ ය. එය ජවිපෙ දේශපාලන ආවෘත අන්තය ආවරනය කිරීමකි. ඔහු ප‍්‍රකාශ කලේ තම පක්ෂය බිහිවූයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ “මෙන්ෂෙවික්වාදී ගර්භාෂයෙන්” බවයි. ස්ටැලින්වාදයට සහ ලසසප-කොප දේශපාලනයට විරුද්ධ වීම බඳු හොඳ ගුනාංග ද පක්ෂය සතුව තිබුනු බව ඔහු කියා සිටියේ ය. මේ ප‍්‍රකාශ අමු බේගල් ය. ජවිපෙ ස්ටැලින්වාදී දේශපාලනයේ ගිලුනු, සභාගයට පිටුබලය දුන්, පක්ෂයකි. ස්වයං විවේචනයක නමින් සාරසංග‍්‍රහවාදී අච්චාරුවක් ඔහු ඉදිරිපත් කලේ කලකිරුනු සාමාජිකයන් පක්ෂයට බැඳ තබා ගැනීමට ය.

පක්ෂය ස්වයං විවේචනයෙන් පාරිශුද්ධ කර ගත්තේයැයි විජේවීර කල පූච්චානම දෙඩවීම වනාහී 1977 බලයට ආ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ යූඇන්පී ආන්ඩුව කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව දියත් කල රුදුරු ප‍්‍රහාරයට අනුගත වෙමින් ජවිපෙ ගත් වේගවත් දක්ෂිනාංශික හැරීම ආවරනය කෙරුනු වෙස් බැඳීමක් විය. ශී‍්‍රලනිප-ලසසප-කොප හවුල් ආන්ඩුවට එරෙහි මහජන කෝපය ගසාකෑමට ජයවර්ධන ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කලේ ය. එහෙත් ඔහුගේ ගනන් බැලීම වූයේ මෙම සුලු ධනපති ව්‍යාපාරය කම්කරු පන්තියට එරෙහි ප‍්‍රතිබලයක් ලෙස යොදා ගැනීම යි. ජවිපෙ එම ක‍්‍රියා කලාපය ලජ්ජා විරහිත ලෙස ඉටු කලේ ය.

කම්කරු පන්තියට එරෙහි යූඇන්පී ආන්ඩුවේ ප‍්‍රහාරය ගෝලීය ක‍්‍රියාවලියක කොටසක් විය. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඇතිකල සමථයෙන් පසු ලෝක ධනවාදයේ ප‍්‍රථම බරපතල ආර්ථික අර්බුදය, 1971 අගෝස්තුවේ ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් ඩොලරයේ රන් පදනම ඉවත් කිරීමෙන් සලකුනු කෙරුනි. ඉන් ඇති කෙරුනු අර්බුදය පටවමින් සෑම රටකම කම්කරු පන්තියේ කොන්දේසිවලට එල්ල කල ප‍්‍රහාර පෘතුගාලය හා ග‍්‍රීසිය ඇතුලූ යුරෝපීය රටවල විප්ලවවාදී අරගල පුපුරා ඒමට තුඩු දුන්නේ ය. ඇමෙරිකාව තුල පන්ති ගැටුම් ද දේශපාලන විපර්යාසයන් ද තියුනු විය. බොහෝ යටත්විජිත හා අර්ධ යටත්විජිත රටවල් ද ඒ සමාන කැරැලිකාරීත්වයන්ගෙන් ඇලලුනි.

පැබ්ලෝවාදීන්ගේ සහාය ලද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ස්ටැලින්වාදී පක්ෂවල උදව්වෙන් මහජන විප්ලවවාදී රැල්ල මැඩලා ගැනීමට ඒ ඒ රටවල ආන්ඩු සමත් විය. පසුගාමී රටවල ලාභ ශ‍්‍රම තටාකවලට කඩාවැදී සූරාකෑම උග‍්‍ර කර සුපිරි ලාභ උපුටා ගැනීමට, වර්ධනය කෙරෙමින් පැවැති නව තාක්ෂනය ද යොදා ගෙන ගෝලීය පරිමානයෙන් නිෂ්පාදනය සංවිධානය කිරීමට ප‍්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් හැරුනි. මේ ප‍්‍රහාරයේ ආරම්භක අවස්ථාවේ ම විදේශ ආයෝජකයන්ට ආර්ථිකය විවෘත කර දීමට හැරුනු රට ලංකාව යි.

ජයවර්ධන අධිකාරිවාදී ජනාධිපති පාලනයක් පිහිටුවමින් කප්පාදු වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දමා විවෘත ආර්ථික පිලිවෙත පෙරට තල්ලූ කලේ ය. මෙම ප‍්‍රහාරයේ කොටසක් ලෙස 1980 ජූලි මහා වර්ජනය මර්දනය කර රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂයක් රැුකියාවලින් නෙරපා හැරුනි. අන් සියල්ලටමත් ඉහලින්, දෙමල විරෝධී ස්වෝත්තමවාදී ප‍්‍රකෝපකරනයන් මාලාවකට පසුව ජයවර්ධන 1983 දී බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධය ඇවිල වූයේ කම්කරු පන්තිය වාර්ගිකව බෙදා තම න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමට ය. 1983 ජූලිවල දකුනු ප‍්‍රදේශයේ, වෙසෙසින් ම ලංකාවේ ප‍්‍රධාන කම්කරු පන්ති මධ්‍යස්ථානය වූ කොලඹ දෙමල විරෝධී ජනඝාතන කැරැලි ඇවිලවූ ආන්ඩුව ජවිපෙ, නසසප හා කොපට කැරැලිවල වගකීම පටවමින් එම පක්ෂ තහනම් කිරීමට පියවර ගත්තේ ය.

මෙම වකවානුව ගැන සිය ස්වයං විවේචනයේ ලියන පෙසප ව්‍යාජ විවේචනයකට මුවා වී ජවිපෙ සීග‍්‍රයෙන් දකුනට යාම ආවරනය කරයි. 1980 නිකුත් කල ජවිපෙ විප්ලවවාදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නම්වූ ලියවිල්ල “විවෘත ආර්ථිකය හෙවත් නව-ලිබරල්වාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රථම ඉනිම පැහැදිලිව හඳුනා ගෙන නැත” යන්න එක් විවේචනයකි. ලැයිස්තු කර ඇති ජවිපෙ අනෙකුත් “වැරැදිවලට” විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමට විරුද්ධව ”ප‍්‍රමානවත් අරගලයක් නොකිරීම” සහ හිටපු අගමැති සිරිමා බන්ඩාරනායකගේ සිවිල් අයිතීන් අහෝසි කිරීමට ආන්ඩුව ගත් පියවරට සහයෝගය දීම ඇතුලත් ය. දෙමල ජනයාට එරෙහි ප‍්‍රහාර එල්ල කිරීම ගැන “ප‍්‍රමානවත් අවධානයක් පක්ෂය නොදුන්” බව පෙසප ප‍්‍රකාශ කරයි. නමුත්, පෙසප 1980 ජූලි වර්ජනයට එරෙහිව පක්ෂය කල හොරිකඩකම ආරක්ෂා කරයි. පලල් ලෙස අපකීර්තියට පත් වූ මෙම කම්කරු විරෝධී ක‍්‍රියාව නිසා ලංකා ගුරු සංගමය ජවිපෙන් කැඩී වර්ජනයට සහභාගී විය.

මෙම ප‍්‍රතිගාමී ක‍්‍රියා සරල “වරදවල්” නොවේ. ඒවායින් පෙන්නුම් කෙරුනේ ජවිපෙ දක්ෂිනාංශික ගමන හා එය යූඇන්පීය සමග නොනිල සන්ධානයක සිටීම ය. ජවිපෙ දෙමල ජනයාට එරෙහි ප‍්‍රහාර ගැන “ප‍්‍රමානවත් අවධාරනයක් නොදුනේනේ” එය සිංහල වර්ගවාදය තුල කිඳී සිටීම නිසා ය. යුද්ධය පටන් ගත් තැන් පටන් ජවිපෙ එහි ප‍්‍රධානත ම කසකරුවා ලෙස ඉදිරිපත් වූවේ ය. පෙසපය, ජවිපෙ විසිහය අවුරුදු මෘග යුද්ධයට සහාය දීමට විරුද්ධ වී නැතිවා පමනක් නොව තමන් ද යුද්ධයට විරුද්ධ නැති බව අඟවා සිටී. අනෙකුත් ධනේශ්වර හා ස්වෝත්තමවාදී කන්ඩායම්වල මෙන් ම ජවිපෙ ද පිලිවෙත වූයේ ඒකීය ධනේශ්වර රාජ්‍යය රැකීම යි.

මර්දනකාරී යුද්ධයට මුහුන දුන් උතුරු-නැගෙනහිර දෙමල ජනයා දසහස් ගනනින් දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ද ඇතුලු විදෙස් රටවලට සරනාගතයන් ලෙස පැන ගියහ. ලංකාවේ දෙමල ජනයාට එරෙහිව මර්දනය තමිල්නාඩුවේ වෙසෙන සමීප ජනාවාර්ගික සම්බන්ධකම් ඇති ජනයා අතර බරපතල නොසන්සුන්කමක් ඇවිල වූවේ ය. තමිල්නාඩුවේ දේශපාලන අස්ථාවරත්වය සන්සිඳුවීමට නව දිල්ලිය කලේ ලංකාවේ දෙමල, සිංහල හා මුස්ලිම් ප‍්‍රභුන් අතර සීමිත බලය බෙදීමක් සඳහා “දේශපාලන විසඳුමක්” යෝජනා කිරීම යි.

ජවිපෙ මෙය ඩැහැ ගත්තේ ශ‍්‍රී ලංකා “මාතෘ භූමිය” ඉන්දියාව විසින් ආක‍්‍රමනය කිරීම අත ලඟ යැයි හඬතලමින් ස්වෝත්තමවාදී උද්ඝෝෂනය ත‍්‍රීව‍්‍ර කිරීමට යි. ඒ මුවාවෙන් “ජාතිය ගලවා ගැනීමේ” නමින් ශ‍්‍රීලනිපය සමග දේශපේ‍්‍රමී ව්‍යාපාරයක් සංවිධානය කිරීමට ජවිපෙ තැත් කලේ ය.

මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනය විප්ලවීය පරිශ‍්‍රමයක් ලෙස හුවා දක්වමින් පෙසප මෙසේ ලියා ඇත:

“දේශපාලන වසයෙන් ලඟ එන ඉන්දියානු ආක‍්‍රමනයකට ඒකාබද්ධ කල යුතු බලවේගයන් ඒකරාශී කිරීම සඳහා වූ වැඩපිලිවෙලකට මුල පුරන ලදි. 1986 ගොඩ නගන ලද මව්බිම සුරැකීමේ ව්‍යාපාරය මෙවැනි උත්සහායක් වූ අතර නිද්‍රාශීලිත්වයට හා අක‍්‍රීය කොට තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පැන නැගී ඇති තත්වයට එරෙහිව අවදි කිරීමේ උත්සහායක් ද ගන්නා ලදි.”

එල්ටීටීඊය නිරායුධ කරන ගමන් ම දෙමල ප‍්‍රභූවට සීමිත බලය බෙදීමක් යෝජනා කෙරුනු 1987 ජූලි ඉන්දු-ලංකා ගිවිසුම දෙරටේ ආන්ඩු විසින් අත්සන් කෙරුනු විට ජවිපෙ ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනය සන්නියක් මට්ටමට ම නැග්ගේය. එය ව්‍යාජ ලෙස ප‍්‍රකාශ කලේ, ජයවර්ධන ආන්ඩුවත් ඉන්දියාවත් “මාතෘභූමිය” බෙදා උතුර හා දකුන බන්දේසියක තබා එල්ටීටීඊයට දීමට තැත් කරන බව යි.

සිය ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට විරුද්ධවූවන් මරා දැමීමට ජවිපෙ සන්නද්ධ ෆැසිස්ට්වාදී මිනීමරු ප‍්‍රහාර එල්ල කලේ ය. එහි මැරයන් 1988-90 වකවානුවේ එලෙස මරා දැමූ දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් සිය ගනනකි. එහි ෆැසිස්ට්වාදී ප‍්‍රහාරවලට ද යූඇන්පී ආන්ඩුවේ භීෂනයට ද විරුද්ධව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට අරගල කල නිසා ජවිපෙ මැරයෝ විකොස සාමාජිකයන් තිදෙනෙක් මරා දැමූහ.

ජවිපෙ මෙන් ම පෙසප ද මෙම මිනීමරු ප‍්‍රහාර මුලුමනින් ම යුක්තිසහගත කරයි. පක්ෂය තහනම් කර තිබූ නිසා එහි ”දේශපාලන කටයුතු නව අදියරක් දක්වා පියමං කල යුතු තත්වයක් උදාවී තිබුනි. දේශපේ‍්‍රමී සන්නද්ධ අරගලයට විවෘතව ම නායකත්වය දීම සඳහා [ජවිපෙ] යොමු වන්නේ මෙම නව තත්වය යටතේ ය” යි පෙසප කියා සිටී. පෙසප මූලික නායකයින් වන කුමාර් ගුනරත්නම් ද සේනාධීර ද මෙම මැරයන් සමග එකට වැඩ කල අය යි.

“දේශපේ‍්‍රමියෙකු” ලෙස ජවිපෙ විසින් ඔටුනු දැමූ හිටපු යූඇන්පී ජනාධිපති ආර්. පේ‍්‍රමදාස සමග විජේවීර රහසේ උපාමාරු දැමී ය. ජවිපෙ පේ‍්‍රමදාසට ඇදී යාමට එක් හේතුවක් වූයේ ඔහුගේ වර්ගවාදී ඉන්දියානු විරෝධය යි. කෙසේවුව ද මෙම උපාමාරු වැරැදී යාමෙන් පසු පේ‍්‍රමදාස ජවිපෙට විරුද්ධව හැරුනේ මිලිටරිය විසින් සංවිධානය කෙරුනු ඝාතක කල්ලි මුදාහැර විජේවීර ද ඇතුලු ජවිපෙ නායකයන් හා සාමාජිකයන් විනාශ කර දැමුවේ ය. මේ භීෂනය අවසන් කෙරුනේ තම දරිද්‍රතාව නිසා පෙරලිකාරී වී සිටි ගම්බද තරුනයන් 60,000ක් පමන මරා දමමිනි.

මෙම ෆැසිස්ට් ව්‍යාපාරය “සමාජවාදය සඳහා විරෝදාර අරගලයක්” ලෙස හුවා දක්වා අවුරුදු පතා අනුස්මරන රැස්වීම් පවත්වමින් එහි ගෞරවය තමන් වෙත ලබා ගැනීමට ජවිපෙ ද පෙසප ද පොරකති. මෙම නින්දිත කි‍්‍රයාවෙන් පෙන්නුම් කෙරෙන්නේ පෙසප ස්වයං විවේචනය අමු ප්‍රෝඩාවක් බවත් ජවිපෙ දේශපාලනය වෙස් ගන්වා ගෙන ඉදිරියට ගෙන යන බවත් ය. පාලක ප‍්‍රභූව හා එහි එජාප ආන්ඩුව මෙම ජනඝාතනයේ මූලික වගකීම දරන නමුත් පෙසප නායකයන් ඇතුලු ජවිපෙ ගම්බද තරුනයින් විනාශයට යැවීම ගැන දේශපාලනිකව වගකිව යුතු ය.

මෙම තීරනාත්මක දේශපාලන තත්වයේ දී ආන්ඩුවේ මර්දනයටත් ජවිපෙ ප‍්‍රහාරවලටත් විරුද්ධව කම්කරු පන්ති සංවිධානවල ඒකාබද්ධ ක‍්‍රියාවන් සංවිධානය කිරීමට එක්සත් පෙරමුනක් සඳහා මූලධර්මාත්මක ආස්ථානයක් ගත්තේ විකොස පමනකි. විකොස සැබෑ ජාත්‍යන්තරවාදී ජවයකින් හජාජාක පක්ෂවල සහයෝගය ඇතිව ජාත්‍යන්තරව කම්කරු පන්තියේ සහයෝගය එම අරගලයට දිනා ගැනීමට සටන් කලේ ය. එහෙත් ලසසප, කොප හා නසසප ද ඇතුලු පක්ෂ යූඇන්පීයේ මර්දනය සමග පෙල ගැසුනි. ගම්බද තරුනයින් ඝාතනයට ද ජවිපෙ මර්දනයට ද එරෙහි වෙමින් කම්කරු පන්තිය ඉදිරියේ මතු වන අන්තරායන් පිලිබඳ අනතුරු ඇඟවූයේ විකොස යි.

 

 http://www.wsws.org/sinhala/2013/2013dec/fsp2-21d.html

පෙරටුගාමී සමාජවාදී පක්ෂය:නව දක්ෂිනාංශික ව්‍යාජ-වාම කන්ඩායමක් 01

23 Dec

කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 20

මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක පලමුවැන්නයි.

ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) භේද වූ කන්ඩායමක් ගිය අවුරුද්දේ උත්සවශ‍්‍රීයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පිහිටුවා ගැනීම නිවේදනය කලේය. ව්‍යාජ වම්මුන්ගේ නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප), එම පක්ෂය පිහිටුවීම ලංකාවේ දේශපාලන තත්වය තුල ඇතිවූ “ප‍්‍රගතිශීලී” වර්ධනයකැයි වග වර්නනා කලහ.

මෙම සලුපිලි ඇන්දවීම කීතු කරමින්, පෙසප පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලය තුල සනාථ කර ඇත්තේ, එය වනාහී ධනවාදී පද්ධතියට ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට ද එරෙහිව පෙරලිකාරී වන වැඩකරන ජනතාවට හා තරුනයින්ට උගුල් මානන දක්ෂිනාංශික සංවිධානයක් බව යි.

දශක ගනනාවක් තිස්සේ ජවිපෙ ප‍්‍රතිගාමී පිලිවෙත් ආරක්ෂා කල පෙසප නායකයින් ඉන් කැඩී ගියේ එය බරපතල ම අර්බුදයක ගිලෙන තත්වයක ය. ලංකාවේ හා ජාත්‍යන්තර ජනමාධ්‍යයන් ජවිපෙ “මාක්ස්වාදී” පක්ෂයකැයි පින්තාරු කරන නමුත් ඊට මාක්ස්වාදය සමග කිසි කලෙකවත් සම්බන්ධයක් තිබුනේ නැත. 1960 ගනන් අග ගම්බද තරුනයන් අතර එම පක්ෂය සංවිධානය කෙරුනේ මා ඕවාදය හා සිංහල ජනතාවාදය උඩ පදනම් වෙමින් සන්නද්ධ අරගලය උත්කර්ෂයට නංවමිනි. 1964 ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) සමග සභාගයකට එක්වෙමින් සිදු කල ඓතිහාසික පාවාදීමේ කොන්දේසි තුල විරක්ෂාභාවයේ හා දරිද්‍රතාවේ ගිලී පෙරලිකාරී වෙමින් සිටි ගම්බද තරුනයින් ජවිපෙ දුටුවේ “වාමාංශික” සංවිධානයක් ලෙස ය.

සන්නද්ධ අතිධාවනකාරීත්වයේ සිට පාර්ලිමේන්තු දේශපාලනයක් දක්වා පැද්දුනු ජවිපෙ දැන් ධනපති දේශපාලන සංස්ථාපිතයට තරයේ ම බද්ධ වූ සංවිධානයකි. ජවිපෙ දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන්නේ ය; 1988-1990 දී කම්කරුවන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ෆැසිස්ට් ප‍්‍රහාර මුදා හැරියේ ය. 2004 දී එවක ජනාධිපති වූ චන්ද්‍රිකා කුමාරතුංග සමග හවුල් ආන්ඩුවකට ඇතුලු වූවේ ය. රාජපක්ෂ ආන්ඩුව යලි ඇරඹූ යුද්ධයට ද වැඩකරන ජනයාට එල්ල කල ප‍්‍රහාරවලට ද සහයෝගය දුන් ජවිපෙ ඉන් අනතුරුව දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග සන්ධානගත වී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට හවුල් විය. මේ ප‍්‍රතිගාමී උපාමාරු මුදුන් පෙත්තට ගෙන යමින් ජවිපෙ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් අධිරාජ්‍යවාදී අවශ්‍යතා මත 2001 සැප්තැම්බරයේ නිව් යෝර්ක් නගරයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඇරඹූ ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට සහයෝගය පල කලේ ය.

මේ ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපය නිසා ජවිපෙ තරුනයින් හා දුගීන් අතර අපකීර්තියට පත්ව සිටියි. එහි එක් දර්ශකයක් වූයේ පක්ෂයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 2004 දී 39ක් ව තිබී 2010දී ආසන තුනකට පල්ලම් බැසීම යි.

කල් ඉකුත් වී, මෙම දක්ෂිනාංශික පිලිවෙත්වලින් සමහරක් ගැන විවේචන එල්ල කරමින් පෙසප නායකයන් ජවිපෙන් භේද වූයේ, පක්ෂයේ ආරම්භකයා වූ රෝහන විජේවීරගේ උරුමය වෙතට පෙරලා යන බව ප‍්‍රකාශ කරමිනි. ඇත්තට ම නම් මේ “උරුමය”, අවස්ථාවාදී හා ප‍්‍රතිගාමී එකකි. ජවිපෙ ගැන කලකිරුනු තරුනයින්, ඊට එරෙහිව වාගාලාප දෙඩූ අලුත් පක්ෂයට ඇදී ගියේ ඉන් විකල්පයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමිනි. ජවිපෙ විසින් පාලනය කෙරුනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ද කැඩී ගිය කන්ඩායමට එක් විය.

පෙසප ද දැන් දේශපාලන අර්බුදයක ගිලී ඇත. ජවිපෙ ගැන විස්වාසය බිඳී එක් වූ තරුනයින් බොහෝ දෙනෙක් පෙසප අත්හැර ගොසිනි. පක්ෂයේ මුද්‍රිත පුවත්පත් දෙක “තාවකාලිකව” වසා දමා තිබේ. ඇතැම් නායකයන් පක්ෂය අත් හැර සරු තනබිම් සොයා ගොස් ඇත. පෙසප නායකයෙකු වන සේනාධීර ගුනතිලක ද නේෂන් පුවත්පතට ප‍්‍රකාශ කලේ, “මතභේද නිසා අපේ පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනෙක්” පක්ෂයට අහිමි වී ඇති බවයි.

පෙසප දැන් කලෙක සිට තොරොම්බල් කල “වාම සංවිධාන” යලි කාන්ඩ ගස්වා ගැනීමේ ව්‍යායාමය පෙරට දමා ඇත. පෙසප මේ සඳහා ධනේශ්වර කන්ඩායම් වලට හා ව්‍යාජ වම්මුන්ගේ සංවිධානවලට ආරධනා කර ඇත. පෙසප දැන් වෙර දරන්නේ තමන් ද ඇතුලු කන්ඩායම්වල අතීත ප‍්‍රතිගාමී කි‍්‍රයාවලට අලුත් වහන්තරාවක් දමාගෙන කම්කරු පන්තිය පීලී පැන්නවීමට හා එහි අරගල මැඩලීමට පලල් වාම පෙරමුනක් ඇටවීමට යි. පෙසප අන් ඊනියා වම්මුන් මෙන් ම භීතියට පත්ව සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥා පරිදි කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමන රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව, ලෝක පරිමානව සිදුවන්නා සේ, කම්කරුවන්ගේ විප්ලවවාදී අරගල ලංකාව තුල ද පුපුරා එනු ඇති නිසා ය.

නසසප හා එසප මෙම කාන්ඩ ගැසීමට හවුල්කර ගැනීම එහි දක්ෂිනාංශික ස්වභාවය ප‍්‍රදර්ශනය කරයි. මෙම පක්ෂ ධනේශ්වරයේ සෑම කන්ඩායමක් සමග ම එක් වීමෙන් ද දැන් යූඇන්පිය සමග පෙල ගැසීමෙන් ද දුර්දාන්ත අවස්ථාවාදී ද්‍රෝහීත්වය කර පින්නා ගෙන සිටී.

ගී‍්‍රසියේ සයිරිසා (රැඩිකල් වාම සභාගය) සංවිධානය ලංකාවේ වාම කාන්ඩ ගැසීමකට හොඳම මොඩලය ලෙස පෙසප පින්තාරු කරයි. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 2 දා පෙසප පුවත්පතක් වන ජනරල “ගී‍්‍රසියේ සයිරිසා වැනි රැඩිකල් වමක සුන්දර බලාපොරොත්තුව දැල්වීම සඳහා වන ඒ කතිකාව” එනම් වාම කන්ඩායම් කතිකාවේ යෙදීමේ උවමනාව, අවධාරනය කලේ ය. ධනේශ්වර හා ව්‍යාජ වාම කන්ඩායම්වල සයිරිසා හවුල ගී‍්‍රසිය තුල ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය විප්ලවවාදීව බලමුලු ගැන්වීමට විරුද්ධ පවුරක් ලෙස ක‍්‍රියාකරන අතර ම අධිරාජ්‍යවාදී යුරෝපා සංගමය සමග එකට කටයුතු කිරීමට එකහෙලා පක්ෂපාතීත්වය ප‍්‍රකාශ කර ඇත. සයිරිසා නායක ඇලෙක්සැන්ඩර් සිප්රාස් වොෂිංටනය ද ඇතුලු අධිරාජ්‍යවාදී ලෝකයේ අගනුවරවල කරක් ගසමින් ඔහුත් ඔහුගේ සංවිධානයත් ගැන බය වීමට කිසිදු හේතුවක් නැති බව ඒත්තු ගන්වමින් සිටී.

සයිරිසා මොඩලය පෙසප විසින් තොරොම්බල් කරනු ලැබීම, එය ඉටු කරන්ට යන ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපය කල් තියා ප‍්‍රකාශයට පත් කිරීමකි.

ලෝක ධනවාදයේ අර්බුදය ගැඹුරුවන තතු තුල විප්ලවවාදී අරගල වර්ධනය වෙද්දී කම්කරු පන්තිය පීලි පැන්නවීමට රටක් රටක් පාසා අලුත් වාම කාන්ඩ ගැසීම් සිදුවෙමින් පවතී. සයිරිසා හැරුනු විට, ප‍්‍රන්සයේ නව ධනපති-විරෝධී පක්ෂය, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය සහ ඊජිප්තුවේ විප්ලවවාදී සමාජවාදියෝ ධනපති සහ අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයන්ට සහයෝගය දෙන මේ කන්ඩායම් අතරින් කිහිපයකි.

පෙසප, ජවිපෙ දේශපාලනයෙන් තමන් බිඳුනු බවට කයිවාරු ගසයි. එහෙත් පසුගිය මාසවල එහි කි‍්‍රයාකලාපයෙන් පෙන්නුම් කර ඇත්තේ මෙම පක්ෂයට ජවිපෙ දේශපාලන පිලිවෙතින් මොනම මූලික බිඳීමක්වත් නැති බව යි.

පක්ෂයේ ප‍්‍රධාන පදනම ලෙස සැලකෙන ශිෂ්‍යයන් අතර පෙසප කි‍්‍රයාකලාපය ඊට එක් සාක්ෂියකි. ජවිපෙ මෙන් ම පෙසප ද විශ්ව විද්‍යාල සිසුන් අතර කි‍්‍රයා කරන්නේ අවිශිබමය හරහා ය. පහසුකම් නැතිකම, සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහෝසි කිරීම නිසා ශිෂ්‍යයෝ රැඩිකලීකරනය වී සිටිති. නමුත්, රාජපක්ෂ ආන්ඩුව බලපෑම්වලට නතුකර ගත හැකියයි බොරු දෙසාබාමින් සිසුන් අතර කෝපය වාෂ්ප කර දැමීමට අවිශිබමය එකකට පසු තවෙකක් බැගින් විරෝධතා සංවිධානය කරයි. සබරගමු සිසුන්ගේ අයිතීන්ට ආන්ඩුව ප‍්‍රහාර එල්ල කිරීමට විරුද්ධත්වය පෑම සඳහා අවිශිබමය හැරුනේ අධිරාජ්‍යවාදීන් විසින් හසුරුවන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වෙත යි.

මෙලෙස නිරර්ථක විරෝධතා වංකගිරියක් තුල සිසුන් හිර කරමින් ආන්ඩුවේ අඛන්ඩ ප‍්‍රහාරයකට පෙසප දොර හැර ඇත. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ද එහි සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ද, නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සමාජවාදී ප‍්‍රතිපත්ති මත සටන් කිරීමට කම්කරු පන්තිය වෙත ශිෂ්‍යයන් හරවා ගැනීමට කරන අරගලයට පෙසප හා අවිශිබම මාරාන්තික ලෙස සතුරු ය.

සමාජවාදී ප‍්‍රතිපත්ති මත රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් බලමුලු ගැන්වීමට පෙසප සතුරුකම පසුගිය අවුරුද්දේ මාස දෙකකට අධික කාලයක් පැවැති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයේ දී හෙලිදරව් විය. සසප වැඩපිලිවෙලට එරෙහිවජනරල කතුවැකියක් තුල මෙසේ ලීවේ ය: “අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කිරීම නැමැති කාරනාව දක්වා දැන් මෙම ‘වෘත්තීය අරගලය’ රැගෙනවුත් තිබේ. . . එය එසේ කිරීමෙන් අධ්‍යාපන ගැටලුව විසඳෙයි ද? නැත. එහෙත් එය ස්ථිරලෙස ම ‘සිත්ගන්නා සුලු’ ප‍්‍රතිසංස්කරනයක් වනු ඇත. අට අනූවක් රෝග හා නවානුවක් ව්‍යාධීන් සුවපත් කරගැනීම සඳහා (ජාතික ගැටලුව ද ඇතුලු) සමාජවාදය ස්ථාපිත කරන තෙක් බලා සිටීමේ විනෝදාංශයක් අපට නැත.”

මේ සඳහන් කරන්නේ රාජපක්ෂ ආන්ඩුවෙන් “සිත් ගන්නා සුලු ප‍්‍රතිසංස්කරන” දිනා ගත හැකි බවයි, සමාජවාදය සඳහා අරගලය නම් බලා සිටීමට බැරිතරම් දුරස්ථ එකක් බවයි. ආචාර්යවරුන්ගේ සංගමය රාජපක්ෂ ආන්ඩුවෙන් කෙසේ හෝ ඉල්ලීම් දිනා ගැනීමේ නමින් සරසවි ගුරු අරගලය ආන්ඩුව සමග ගනුදෙනු කිරීමට කොටුකර පාවාදීමට ක‍්‍රියා කරන විට, පෙසප ඊට හවුල් වූයේ එලෙස ය.

ජවිපෙ වර්ගවාදී දේශපාලනයට තමන් විරුද්ධ බව මවා පෙන්වීමට පෙසප මංමුලාසහගත ලෙස වෑයම් කරයි. එහි කොටසක් ලෙස මෙම පක්ෂය රාජපක්ෂ ආන්ඩුව මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීම ගැන විවේචනය කරයි. මෙම බොරු උනන්දුව දෙමල ජාතිය සම්බන්ධයෙන් තම වර්ගවාදී පිලිවෙත ආවරනය කර ගැනීමේ තැතකි.

ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා ඊනියා ප‍්‍රායෝගික මූලිකත්වය ගැනීම නමින් පෙසප පල්ල ගිය පුරසාරමක් දොඩා ඇත. මේ ‘ප‍්‍රායෝගික මූලිකත්වය ගැනීමේ’ නමින් පෙසප “සම අයිතිවාසිකම් ව්‍යාපාරයක්” දියත් කලේ ය. (මෙම ව්‍යාපාරය දැන් පෙනෙන්ට නැත). එය ඕනෑම ධනේශ්වර කන්ඩායමක් ඉදිරිපත් කරනු ඇති වංචනික ඉල්ලීම් 16ක් ප‍්‍රසිද්ධ කලේ ය. දෙමල ජනයාට තමන්ගේ ම භාෂාවෙන් කටයුතු කිරීමට ඉඩ සැලසීම, යුද්ධයෙන් විනාශ වූ දේපොලවලට වන්දි ගෙවීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, සරනාගතව පිටරට ගොස් සිටින අයට ලංකාව තුල හොඳ ජීවිතයක් සහතික කිරීම හා උතුරු-නැගෙනහිර මිලිටරි පන්නයේ පාලනය අවසන් කිරීම ඒ ඉල්ලීම් අතර වේ.

එහෙත් පෙසප රාජපක්ෂ පාලනය ද ඇතුලු සියලු ආන්ඩු ගෙන ගිය වර්ගවාදී යුද්ධයට විරුද්ධ වී නැතිවා පමනක් නොව උතුරෙන් හා නැගෙනහිරින් කොන්දේසි විරහිතව හමුදා ඉවත් කිරීමේ ඉල්ලීමට ද විරුද්ධ ය.

තම ගුරා වන ජවිපෙ අනුයමින් පෙසප ඉන්දියානු විරෝධය ඇවිස්සීමට ද හවුල් වී සිටී. ඉන්දු-ලංකා ගිවිසුම අනුව ඇති කල 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එම පක්ෂයේ විරුද්ධත්වයෙන් පෙන්නුම් කරන්නේ එය යි. ජවිපෙ හා අනෙකුත් ධනපති කන්ඩායම් මෙන් ම පෙසප ප‍්‍රකාශ කරන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉන්දියාව ලංකාවට අත දමා ඇති බවයි.

1987 ජූලි ඉන්දියාවේ හා ලංකාවේ ආන්ඩු විසින් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ලංකාවේ ධනේශ්වර ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමට, දෙමල විමුක්ති කොටි සංවිධානය නිරායුධ කිරීමට සහ දෙමල ප‍්‍රභූවට සීමිත පාලන බලතල ලබා දීම සඳහා ය. රාජපක්ෂ ආන්ඩුව දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව සිංහල-බෞද්ධ වර්ගවාදී කන්ඩායම්වල පිටුබලය ද කැඳවා ගනිමින් වර්ගවාදය ඇවිස්සීමේ යෙදී සිටින්නේ කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා සිය ප‍්‍රහාර තීව‍්‍ර කිරීමට ය. ජවිපෙ හා පෙසප ආන්ඩුවේ මෙම ව්‍යාපාරය සමග පෙලගැසී සිටී.

මෙම ස්වෝත්තමවාදී දේශපාලනයන්ට එරෙහිව පිහිටා සිටිමින් ම සසප ඉන්දු-ලංකා ගිවිසුමට ද 13 වන ව්‍යවස්ථා සංශෝධනයට ද විරුද්ධව නැගී සිටින්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී ආස්ථානයේ පිහිටා ගෙන ය. එනම්, සිංහල, දෙමල, මුස්ලිම් කම්කරුවන් එකමුතුව ගොඩ නගා ගෙන, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශී‍්‍ර ලංකා – ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට සටන් වැදීමේ ඉදිරිදර්ශනය මත ය. එය ජාත්‍යන්තර පරිමාන සමාජවාදය සඳහා කරන අරගලයක කොටසකි.

මෙම අරගලයට එකහෙලා විරුද්ධ පෙසප සමාජවාදය යන වචනය ව්‍යාජව හරඹ කරන්නේ ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීමේ තම කි‍්‍රයා කලාපය ආවරනය කර ගැනීමට ය.

http://www.wsws.org/sinhala/2013/2013dec/fsp1-20d.html

තම කටයුතු පහසුවෙන් ඉටු කිරීමට කාර් සහ ලැප්ටොප් ලබා ගත් ජනතාවාදී මාධ්‍යවේදීන්ගෙන් කොටසක්. ජනතාව වෙනුවෙන් ඔබලා විසින් මේ සිදු කරනු ලබන සේවය ඇගයීම වස් ඉදිරියේදී රජය මගින් බංගලාවන්ද ලබා දිය යුතුයැයි යෝජනා කරමි .

22 Dec

Chief Editors
1. S Srigajan – Chief Editor – Weerakesari
2. Nisthar Cassim – Chief Editor –  Daily and Weekend Financial Times
3. V Thanabalasinghan – Chief Editor –  Thinakkural
4. Jatila Vellaboda – Chief Editor – Lakbima
5. Sisira Paranatantri – Chief Editor – Rivira
6. Thushara Gunaratne – Chief Editor – Maubima
7. Narada Nissanka – Chief Editor – Divaina
8. R Sivaraja – Chief Editor – Sudaroli
9. Gamini Jayalath – Chief Editor – Dinamina
10. Dinesh Weeravansa – Chief Editor – Sunday Observer
11. S Thillainathan – Chief Editor – Thinakaran
12. Karunadasa Sooriyarachchi – Chief Editor – Silumina
13. Rajpal Abeynayake – Chief Editor – Daily News
14. T. Seththivelar – Chief Editor – Thinakaran
15. Ariyananda Dombagahawatta – Chief Editor – Irida Lankadeepa
16. R. Prabagan – Chief Editor – Sunday Weerakesari
17. R. Baharthi – Chief Editor – Sunday Thinakkural
18. Mohan Lal Piyadasa –  Chief Editor  – Irurasa
19. Sundara Nihathamani De Mel – Chief Editor – Lakbima
20. Malinda Seneviratne- Chief Editor – Nation
21. Gamini Sumanasekara – Chief Editor – Irida Divayna
22. Saman Samarakkody – Chief Editor – Randiva
23. Ranga Jayasooriya – Chief Editor – Lakbima News
24. Mahinda Abesundara – Editorial Advisor – Dinamina
25. Jayantha Sri Nissanka – Editor – Ceylon Today / then News editor Lakbima News
News Heads
26. Nilantha Rajendra – Sri FM
27. Priyantha Pradeep Ranasinghe – Sha FM / Hiru FM
28. Lenin Raj – Vektary FM
29. Wasantha Karunaratne – Ran FM
30. Udithamal Hemachandra – Real radio / Kiss / Siyatha FM
31. Sameera Fernando – E FM
32. Mrugayya Indrajith – Sooriyan FM
33. Sachindra Jayesundara – Sun/ Gold FM
34. Bradman Jayaweera – Rangiri Sri Lanka
35. Sidath Mendis – Lak FM
36. Kulasiri Kariyawasam – Neth FM
37. Sashika Jayathilaka – The Buddhist radio/ TV
38. Chamika Janakantha Alwis – Isira radio
39. Shehan Baranage – Derana FM/ TV
40. Swarna Gunawardena – VIP radio
41. Sunesh Rodrigo – TNL rock FM
42. Champika Perera – Max radio
43. Chamila Galewela – Sinha FM
44. Udayajeewa Ekanayake – V FM
45. Chaminda Karunaratne – Swarnavahini
46. Sugath Dharmapriya – Sri TV
47. Sardha Jameel – Den TV
48. Teran Karannagoda – TNL
49. Nilantha Kankanamge – Art TV
50. Saddhamangala Sooriyabandara – CSN
51. Sudeva Hettiarachchi – Hiri TV
52. BAC Abewardena – TV Lanka
Section Directors and Managers
53. Vijaya  Dissanayake – Rupavahini
54. NM Raja – Rupavahini
55. Vimukthika Kariyawasam – Rupavahini
56. Mohan Karunaratne – Rupavahini
57. Prasad Dodamgodage – Rupavahini
58. R Kanapathipillay – SLBC
59. Yusuf Noordeen – SLBC
60. Indika Jayaratne – SLBC
61. Thushara Sandanayake – SLBC
62. HSK Perera – ITN
63. GSN Perera – ITN
64. AG Gayan Chinthaka – ITN
65. Hasantha Hettiarachchi – ITN
66. Sanjeewa Edirimanna – ITN
News Editors
67. Sampath Deshapriya – Lakbima
68. Viranjana Herath – Rivira
69. Arthur Wamanan – the Nation
70. Benet Rupasinghe – Maubima
71. Piayasena Disanayake – Divayna Irida
72. Azif Huward – Ceylon Today
73. Naleen Dilruksha – Dinamina
74. Indrani Peiris – Lankadeepa
75. Ranjith Ananda Jayasinghe – Lankadeepa Irida
76. Duminda Sanjeewa Balasuriya – Ada
77. Daya Lankapura – Irurasa
78. Chaminda Senaratne – Randiva
Other section heads
79. Wimalanath Weeraratne – Ravaya
80. Nuwan Gankanda – Lakbima
81. Manoj Abedheera – Dinaina
82. Chandrasiri Dodamgoda- Divaina
83. Anura Solamons – Divaina
84. KRP Haran – Thinakural
Cartoonists
85. Tissa Hewavissa –  Lankadeepa
86. Dasa Hapuvalana – Lankadeepa
87. Talangama Jayasighe – Lankadeepa
88. Prithi Kannangara – Dinamina
89. Ruwan Tharasvin – Dianamina
90. Janaka Ratnayake – Mawbima
91. MD Weeraratne – Divaina
92. Sujeewa Jayawickkrama – Lakbima
93. Anjana Indrajith – Lakbima
94. Darshana Karunatilake – Lakbima
95. Camilus Perera – Rivira
96. Asanga Indunil – Rivira
97. Awantha Artigala – Daily mirror
98. BB Opatha – Daily News
99. Shantha Weeramuni – Island
100. Udaya Wimalasiri – Island
101.  Jeffrey Kelaart –  Island
102. SM Jayasekera – Irurasa
Journalists
103. Mangala  Radaliyagoda – ITN
104. Surendra Abepala – ITN
105. Vajira Sumedha – Swarnavahini
106. Lakmal sanjeewa – Swarnavahini
107. Sajith Ranasinghe – Swarnavahini
108. AEAN Wijeratne – SLBC
109. Ajith Gamage – Hiru FM
110. Sandamali Apsara – Sri FM
111. Jayasiri Munasinghe – Dinamina
112. Dhanushka Godakumbura – Dinamina
113. Mahinda Aluthgedara – Dinamina
114. Ruwan De Silva – Dinamina
115. Lorenz Selvanayagam – Thinakaran
116. Marlin marikkar – Thinakaran
117. Sunil Daya Alwis – Thinakaran
118. Anura Balasuriya – Divaina
119. Jude Densil  Pathiraja – Divaina
120. Dushyantha Samarasena – Lankadeepa
121. Gayan Agalakada – Lankadeepa
122. Panuka Rajapaksa – Lakbima
123. Suranimala Perera – Lakbima
124. Sandun Jayasekara – Daily Mirror
125. Crishty Mahesh De Silva – Rivira
126. Tigo Kugan – Thinakkural
127. A Kanagaraja – Weerakesari
128. Nandana Kehelgamuwa – Maubima
129. Gamunu Vallage – Maubima
130. Keerthi Warnakulasooriya – Divaina
131. Chamara Lakshan Kumara – Irurasa
132. Bulitha Pradeep Kumara – Divaina
133. Nayanaka Ranwella – Rivira
134. Nimal Seneviratna – SLBC
135. Mohan Perera – SLBC
136. Kamal Jayamanna – SLBC
Provincial Journalists
137. K Arzarathnam – Manipai / Lake House
138. C Wimalasurendra – Kanday / Upali Newspapers
139. Kamal Suraweera – Kandy / –
140. Asanka Arambewatta – Kandy / –
141. Gaya Wanniarachchi – Kandy / –
142. Nihal Jayawardena – Kandy /-
143. Shan Seneviratne – Kandy / –
144. AG Wickckramsinha – Kandy / –
145. IPW Polkotuwa – Kandy / Upali Newspapers
146. JL Jayasinghe – Kandy / Lankadeepa
147. Asela Kuruluwnasa – Kandy / Dinamina
148. Herath banda – Kandy/ –
149. MA Fakurdeen – Akkarapattu 4 / Lake House
150. WSKK Justin – Uyanva – Matara /Lake House
151. Edmon Liyange – Matara /-
152. SP Ediwin – Tangalle / Lake House
153. Gamini Obesekara – Polonnaruwa / ITN
154. WGS Nissanka – Polonnaruwa / Dinamina
155. Chaya Wickckrama Surendra – Matara / Rupavahini
156. SM Farook – Badulla / Lake House
157. PHG Kulasiri – Beliatta – Hambantota/ Rupavahini
158. WSA Pakkaja Sankalpa – Matara / ITN
159. RHAR Vydyasekara – Hambantota / Lake House
160. Karunadasa Kottegoda – Hambantota / Upali Newspapers
161. KK Ariyadasa – Hambantota / –
162. Granvil Ratnayake – Hambantota / –
163. DG Jaysundara – Hambantota / –
164. Sanath Gamage – Hambantota / –
165. Wimal Garusinghe – Hambantota/ –
166. KK Dayasena – Hambantota / –

ලෝකයේ භයානකම සත්තු 25ට ලංකාවෙන් දුසිමක්

17 Dec

ලෝකයේ  භයානකම  සත්තු 25ට  ලංකාවෙන්  දුසිමක්

ලෝකයේ භයානකම සත්තු 25ට ලංකාවෙන් දුසිමක්

Pramuka Gayasahan

December 15th, 2013

 

ඔබත් මේ භයානක සතුන් ගැන දැනුවත් ද?

 

ලෝකයේ භායනකම සතුන් 25 වර්ගීකරණය කළ විට ඉන් විශේෂ 12ක් ශ්‍රී ලංකාවේ ගොඩබිම හා අවට මුහුදේ දැකිය හැකිවේ. මෙහි ප්‍රථම ස්ථාන තුනට පිළිවෙලින් මදුරුවා, අලියා හා කිඹුලා පත්ව සිටින අතර 25 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්විපයෙන් මෑතක දී වාර්තා වූ රතු ගෝණුස්සා නම් සත්ත්ව විශේෂයයි.

මදුරුවා කුඩා වුවත් ගම්මිරිස් ඇටය සැර බව නැවතත් පසක් කරමින් මදුරුවා ලොව භයානක ම සතුන් අතර මුල් තැනට පැමිණ ඇත. මදුරුවන්ගේ දෂ්ඨ කිරීමෙන් සෑදෙන ඩෙංගු, මැලේරියාව ඇතුළු රෝග වලින් වසරකට ලොව පුරා කෝටි 700ට වැඩි පිරිසක් රෝහල්ගත වෙති. වාර්ෂිකව මදුරු දෂ්ඨනනේ මියයන සංඛ්‍යාව ලක්ෂ 30ට අධිකය. ශ්‍රී ලංකාවේ ද මදුරු විශේෂ රැසක් දක්නට ලැබෙන අතර වාර්ෂිකව විශාල පිරිසක් මියයාමට මදුරු දෂ්ඨනය හේතුවේ.

1.මදුරුවා

2. අලියා

ආසියාවේ හා අප්‍රිකාවේ සිටින අලි ගොඩබිම සිටින විශාලතම සත්වයාය. තම වාසස්ථානය වූ වනාන්තරයේ දී මිනිසුන්ට පහරදීම අවම වුවත් වරින් වර ගම් වැදී වගාවලට හානි සිදුකරමින් මිනිසුන් ද පහර දීමට පෙළඹේ. අලි මිනිස් ගැටුම හේතුවෙන් බොහෝ මිනිසුන් මෙනම් අලින් ද ජීවිතයෙන් වන්දි ගෙවයි. ශ්‍රී ලංකාව ද අලි මිනිස් ගැටුමෙන් පීඩා විදින රටකි.

3. කිඹුලා

ලොව කිඹුල් විශේෂ 23කි. ශ්‍රී ලංකාවේ සිටින ගැට කිඹුලා සහ අප්‍රිකාවේ නයිල් කිඹුලා ලොව දරුණුත ම කිඹුල් විශේෂ ලෙස හදුන්වයි. ආහාරදාම වල මුල් ස්ථානවල සිටින කිඹුලන් දිය බීමට එන මුව පැටියාගේ සිට මෝරුන් දක්වා සිටයළුම ජීවීන් ආහාරයට ගනී. දිය කඩිතිවල දිය යටින් සැගවී පහර දීමට සමත් සත්ත්ව විශේෂයක් වන කිඹුලා ආහාරදාමය ඉක්මණින් අවසන්කැර දමයි.

4. හිපපොටේමස්

ශාක භක්ෂකයෙකි. ගොඩබිම දී කුලෑටි ගත් පෙන්වුව ද ජලයේදී මොවුන් පරාජය කිරීමට කිසිවෙකුත් නැත. රංචු වශයෙන් ජීවත් වන මොවුන් ඕනෑම සතකු සිය සතුරකු ලෙස සළකා දියේ දී මැරෙන තුරු පහරදෙයි.

5. නිල් මුදු බූවල්ලා

ගොල්ෆ් ගෝලයක් තරම් කුඩා දර්ශනීය සත්ත්වයෙකි. නිල් පැහැති වළලු පිහිටා ඇති නිසාම මේ නම ලැබී ඇත. බූවල්ලාගේ විෂ මිනිසුන් විසිහය දෙනෙකුට එකවිට දිවි අහිමි කිරීමට සමත් කම් දක්වයි. මොවුන්ගේ ප්‍රහාරයකට ලක්වුවහොත් මරණය ඒකාන්තය. නිල් මුදු බූවල්ලාගේ විෂ නැසීමට මෙතෙක් ඔසු සොයාගෙන නැත. ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරයේ ජීවත්වේ.

6. බ්‍රසීලයේ සවාරි මකුළුවා

ලොව සිටින විෂ අධිකම මකුළුවා යනුවෙන් ගිනස් වාර්තා පොතේ නම් සදහන් වී ඇත. දිවා කාලයේ නිවාස තුළ ‍හා මෝටර් රථ වැනි ස්ථානවල සැගවී සිටියි.

7. පොළගා

ලෝකයේ බොහෝ රටවල ජීවත්වන පොළගුන් අතරින් තිත් පොළගා සහ වැළි පොළගා අති භායානක සතුන් වේ. මේ විශේෂ දෙකම ශ්‍රී ලංකාවේ දක්නට ඇත.

8. කොටියා

බොහෝ සතුන් තමන්ට හානියක් වූ විට සැ‍ගවෙන නමුත් කොටියා තමන්ට හානියක් වූ විට එළව එළවා පහරදීම විශේෂත්වයකි. තුවාලයේ වේදනාව වැඩිවන තරමට කොටියාගේ ප්‍රති ප්‍රහාරය ද බලවත්ය. ශ්‍රී ලංකාවේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.

9. සේ සේ මැස්සා

සාමාන්‍ය මැස්සාට වඩා ප්‍රමාණයෙන් විශාල මේ මැස්සා ලේ උරා බී වර්ධනය වන සත්ත්ව විශේෂයකි. අප්‍රිකා මහද්වීපය නිජබිම් කැරගෙන ඇති මේ මැස්සන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට ලක්ෂ පහකට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමිවේ. මිනිසුන් නිදා සිටිනවිට දෂ්ඨ කරයි.

10. කොමොඩෝ මකරා

කබරගොයාගේ පෙනුම ඇතත් ප්‍රමාණයෙන් විශාලය. කුරුල්ලන් වැනි කුඩා සතුන්ගේ සිට, මිනිසා, කුළු මිමා දක්වා සියළු සතුන් ආහාරයට ගනී. මේ සතුන් කරන්නේ පළමුව පහර දී තුවාලයක් සිදුකැර ඉන් රුධිරය යාමට සැළැස්වීමයි. රුධිරය වහනය වී ගොදුර අඩපණ වනතුරු ඒ පසු පස ලුහු බැද ගොස් ආහාරයට ගනී.

11. හයිනා

හිරු බැස යාමෙන් පසු ආහාර සොයා යන හයිනා මිනිසුන්ට පහර දීමට පෙළඹෙන්නේ නැත. රංචු ව‍ශයෙන් ගැවසෙන මොහොතක පහර දෙති. සාමාන්‍යයෙන් කලින් දඩයම් කැර අතහැර තිබූ අතුනු බහන් ගිල දමන මොවුන් දඩයම් කිරීම ද කරති.

12. පෆර් මාළුවා

විෂ සහිත මාළුවෙකි. ජපානය අවට මුහුදේ බහුල වාසය කරයි. මොවුන්ගේ විෂ ස්වසන පද්ධතියට බලපාන ක්‍රම ක්‍රමයෙන් විෂ පැතිරී අංශභාග තත්වයට පත් වී මිය යාම සිදුවේ.

13. බූම්ස්ලෑන්ග්

මිනිසා ඇතුළු ඕනෑම සත්ත්වයකුට දෂ්ඨ කරන මේ සර්පයාගේ දළ වැදුණු ස්ථානයෙන් රුධිරය දිගටම වහනය වීම සිදුවේ.

14. සිංහයා

මොවුන් මිනිසුන්ට පහරදෙන්නේ කලාතුරකිනි. මිනිසුන්ට පහර දුන්න ද මිනීමස් ආහාරයට නොගනී. කිපුණු විටෙක මිනිසුන්ට දිගින් දිගටම පහර දීමට පෙළඹේ. 1898 දී කෙන්යාවේ දුම්රිය මාර්ගය ක‍ සේවය කරමින් සිටි කම්කරුවන් 28 දෙනකු මාස නමයක කාලයකදී එක් සිංහයකුගේ පහරදීමෙන් මරුමුවට පත්වීම ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ සිද්ධියකි.

15. පෙට්ටි හැඩැති ලොඩියා (ජෙලි ‍ෆිෂ්)

ලෝකයේ වි‍ෂ අධිකම ජීවී විශේෂයයි. මිනිස්සු දහස් ගණනක් මේ සතුන් හේතුවෙන් මියයති. ස්පර්ශ වූ වහාම විෂ ශරීරගත වී විනාඩි කිහිපයකින් මරණය සිදුවේ. ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ජීවත් වේ.

16. වලහා

ස්වභාවික දඩයම් කරුවෙකි. ශ්‍රී ලංකා‍වේ ද ජීවත්වන සත්තව විශේෂයකි. මිනිසුන්ට නිතර ප්‍රහාර එල්ල නොකළ ද මාරාන්තික ප්‍රහාර එල්ලකරන සතෙකි.

17. විස විදින ගෙම්බා

අගල් දෙකක් පමණ විශාලත්වයකින් යුතු මේ ගෙමි විශේෂය ලොව උග්‍ර විෂ සහිත සත්ත්වයෙකි. විෂ මිලි ග්‍රෑම් දෙකකින් මීයන් විසිදහසක පමණ ප්‍රමිණයකින් මීයන් විසි දහසක් පමණ මරා දැමීමට හැකියාව ඇත. මේ විෂ ශරීයේ ගෑවුණු විගස හෘදය අක්‍රිය වී මියයයි.

18. කුළු මීමා

ශ්‍රී ලංකාවේ ද දැකිය හැකි සත්ත්වයෙකි. ඉතා සුළු ශබ්දයකින් වුව ද කිපී පහරදෙයි. මොවුන්ගේ පහර හේතුවෙන් දරුණු තුවාල සිදුවේ.

19. කළු මම්බා

මරණයේ මූර්තිය ලෙස හැඳින් වෙන කළු මම්බා කෝපයකින් තොරව වුව ද වේගවත්ව ඕනෑම මොහොතක පහර දෙන සර්ප වි‍ශේෂයකි. අප්‍රිකව තුළ දී මිත්‍යා විශ්වාස වලට පවා සම්බන්ධ මොවුන් භයංකාර ජීවි විශේෂයක් ලෙස ද සළකයි.

20. මාරක සුදු මෝරා

කෑමට ගන්නා හෝ නොගන්නා ඕනෑම දෙයකට පහරදෙන මාළුවෙකි. ජලයේ පාවෙන බෝයාවන්,‍ බෝට්ටු, පිහිනුම් ලෑලි, පිහිනන මිනිසුන් ඇතුළු සියළු දේට පහර දෙයි. මිනිසුන්ට පහර දුන්න ද කා දමන්නේ නැත. ලේ පිටවී මියයාම සිදුවේ. විශ්වාසය තිබුණේ මිනිසුන්ගේ ලේ සුවදට මොවුන් පැමිණෙන බවයි.

21. ගොන්මහ

මුහුදු පතුලේ ඇති කොරල් පර අතර වැතිර සිටින මොවුන් ගල් පරයක් ස්වභාවය ගෙන සිටියි. සතුරකුට පහසුවෙන් හදුනාගත නොහැක. තමන් අසළින් පිහිනා යන කුඩා මාළුවන් විදුලි වේගයෙන් (තත්පරයකින් 0.015ක පමණ වේගයකින්) ඩැහැගෙන ගිල දමයි. මොවුන්ගේ සිරුර උග්‍ර විෂ සහිතය. ගල්පර අතර ඇවිද යාමේ දී පෑගුණහොත් මරණය සිදුවේ. ප්‍රහාරය ද මාරාන්තිකය. ශ්‍රී ලංකාව අවට මුහුදේ දැකිය හැකි මත්ස්‍යයෙකි.

22. කේතුකාර මුහුදු බෙල්ලා

මෙම බෙල්ලන් විශේෂය පිට කරන විෂ බින්දුවකින් මිනිස් ජීවිත විස්සක් පමණ අහිමි කිරීමට හැකියාව ඇත. මෙම විෂ නැසීම සඳහා දැනට දැනට කිසිදු ඖෂධයක් නැත. ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරය ඇතුළු සියළුම සාගර කලාපයන්හි බහුලව පැතිරී සිටින ජීවියෙකි.


23. රයිනෝසිරස්

මොවුන්ගේ ප්‍රහාර බහුලව වාර්තා වන්නේ නැත. දරුණු ප්‍රහාර එල්ලකරයි. ඉක්මනින් කිපෙන සුළු මේ සතුන් තියුණු දෘෂ්ඨියක් සහිතය.


24. අප්‍රිකානු පැණි මී මැස්සා

1957 බ්‍රසීල ජාතික මී මැසි ගොවිපලක හිමිකරුවකු විසින් යුරෝපානු හා අප්‍රිකානු මී මැස්සන් සම්මිශ්‍රණය කැර නව විශේෂයක් නිපදවා වඩාත් ගුණවත් මීපැණි ලබා ගැනීමට උත්සාහ ගත්තේය. ඔහුගේ පරීක්ෂණය අසාර්ථක විය. මේ උත්සාහයෙන් නිර්මාණය වූයේ මාරාන්තික විෂ සහිත මී මැස්සෙකි. සාමාන්‍ය මී මැස්සා මෙන් කිහිප ගුනයකින් විෂ සහිතය. සාමාන්‍ය මී මැසි දෂ්ඨනයක දී මෙන් සම මත බිබිළි හටගනී. වැඩි ප්‍රමාණයක් විෂ ශරීරගත වීම මාරාන්තිකය.

25. මාරාන්තික රතු ගෝනුස්සා

ලොව ගෝනුස්සන් අතර වැඩිම විෂ සහිත ගෝනුසු විශේෂයයි. ඉන්දියාවේ සිට මෑතක දී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පැමිණ ඇතැයි පිළිගැනේ. මිනිසුන් විශාල පිරිසක් වාර්ෂිකව මේ ගෝනුස්සන්ගේ විෂ හේතුවෙන් මරණයට පත්වේ.

 

 

Thanks    

http://www.srisararadio.com/

Video

හිත ඇත්නම් පත කුඩාද ?

16 Dec

ලංකා සමාජය තුල මේ වන විට ඇත්තේ ඉතා අදූර දර්ශී, දුෂ්ඨ, දුර්දාන්ත පාලනයකි. එක් පවුලක් වටා කේන්ද්‍ර ගත වූ ඒකාධිපති පාලන සමයක් තුලදී එම පාලන තන්ත්‍රය විසින් කිසිදු පුද්ගල, හෝ සමාජ බලවේගයක් ඉදිරියට ඒම වලක්වා ලනු ලබන අතර සමාජය ඉතා කුඩා කැබලි වලට බෙදා සමූහික බලවේගයක් නිර්මාණය වීමට ඇති අවකාශය අහුරාලනු ලබයි . මෙවන් සිංහ හම් පොරවා ගත් බැටළුවන්ට, සිත ශක්තිමත් එක් ගවයෙකු සැබෑ සිංහයෙකු වෙත උගන්වනු ලබන පාඩම නුදුරේදීම අත් විදින්නට සිදු වනු නොඅනු මානය .

Video

සිංහ දයාව

15 Dec

අද කාලේ රුපියල් ලක්ෂ දෙකකට මිනිස්සු පවුල් පිටින් ඝාතනය කරන යුගයක මේ තිරිසන් සතා තුල පවතින දයාව කෙතරම් නම් පාඩමක් උගන් වන්නේද ?

Video

Rohitha Rajapaksa on Sri Lanka’s first satellite programme Suprem

13 Dec