ගෝඨා ඉතාලියේදී එල්ටීටීඊ ප්‍රධාන නායකයෙක් රහසිගතව හමුවෙලා: ඉතාලි බුද්ධි අංශයට මාට්ටු—–

5 Dec

– (ලංකා ඊ නිව්ස් -2013.දෙසැ.03, පෙ.ව.9.30) අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඉතාලි සංචාරයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු ලෙස මේ දක්වා සැලකෙන එල්ටීටීඊ ප්‍රබලයෙකු හමුවී ඇතැයි ඉතාලි බුද්ධි අංශ අනාවරණය කරයි. ඉතාලි රජයේ බුද්ධි අංශයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී මර්දන ව්‍යාපෘතියක් වූ ඩී.අයි.ජී.ඕ.එස්. නම් ව්‍යාපෘතියක් මගින් 2008 ජූනි 17 දා එරට සිටි ප්‍රධාන පෙළේ එල්ටීටීඊ නායකයන් 35 දෙනෙක් එකවර එකම දිනයකදී අල්ලා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය. එදින එල්ටීටීඊ නායකයන් 33 දෙනෙක් එක් වර විවිධ ස්ථාන වලදී අල්ලාගන්නා ලද අතර දෙදෙනෙක් පැන ගියහ. පසුව ඉන් එක් අයෙක් බාර වූ අතර ඉතිරි එල්ටීටීඊ නායකයා අද වන තුරු අල්ලා ගැනීමට නොහැකි වී ඇත. ශ්‍රී ලංකාවේ අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඉතාලි සංචාරයේදී පෙර කී ඉතාලි බුද්ධි අංශයට අල්ලා ගැනීමට නොහැකි වූ නායකයා හමුවී ඇතැයි ඉතාලි බුද්ධි අංශය වෙත මේ වන විට තහවුරු වී තිබේ. ගෝඨාභය නැවතී සිටි හෝටලයට ඉහත කී නායකයා පැමිණ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී සිදුවූ ගණුදෙනු මොනවාදැයි මෙතෙක් හෙළි වී නැත. ගෝඨා ඔහු හමුවූ බවට සීසීටීවී කැමරා සාක්කි වලින් හෙළි වී තිබේ. එල්ටීටීඊ නායකයන් තිදෙනෙක් සතු යුරෝ මිලියන් ගණනක් වටිනා ගිණුමක එක් හවුල් කරුවෙකු වන්නේ ගෝඨා හමුවූ මෙම ත්‍රස්තවාදී නායකයා ය. නායකයන් තිදෙනා එකිනෙකා න්‍යායිකව වෙන්වී ඇති බැවින් සහ මෙම ගිණුම ආරක්ෂක අංශ වෙත හෙළිවී ඇති බැවින් ගිණුමේ මුදල් ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ. සැන් මරීනෝ වල රහස්‍ය බැංකු කරුවන් කණ්ඩායම් දෙකක්ද ගෝඨාභය නැවතී සිටි හෝටලයට පැමිණ ගණුදෙනු සිදුකර ඇතැයි මේ වන විට තහවුරු කරගෙන තිබේ. ඉතාලි රජය තවමත් එල්ටීටීඊය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ නායකයන් ගෙන්වා රට තුල රහසිගතව ආරක්ෂා කරමින් සිටිනවා මදිවාට පිටරට සිටින එල්ටීටීඊ නායකයන් සමගද රහසිගත සම්බන්ධතා පවත්වමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට උදව් කරන රාජ්‍යයක් ලෙස කටයුතු කරන බව තහවුරු වන්නේ යැයි එම බුද්ධි අංශ පවසයි. මේ සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමට ඉතාලි ආරක්ෂක අංශ සූදානම් වේ.

Thanks  https://www.facebook.com/photo.php?fbid=628944663837369&set=a.219828384749001.57957.219430344788805&type=1&theater

 

Lankaenews

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: