ඇමති ඩිලාන් හා බොදු බල සේනා ගැටුම

10 Nov

 

ඩිලාන් පෙරේරා නැමැති වල් සතා. 
උඹ මොන නරියෙක්ද? උඹ හාල් මැස්සෙක්
– බොදු බල සේනා

විදේශ රැකියා ඇමති අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගියදා හාලිඇළ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති ඉෆ්තාර් ආගමික උත්සවයකට සහභාගි වෙමින් පවසා තිබුනේ ආගම්වාදී බළ සේනා හාලිඇළට ආවොත් එදාට මෙහේ මිනිසුන්ගේ තරම පෙන්නන බවයි.

තවදුරටත් ඔහු පවසා තිබුනේ “අද කාලේ බළසේනා කරන්නෙම හිංසා. මස්කඩ ළඟ නවත්වලා තියෙන ලොරි පුච්චනවා, ඒ කඩ කඩනවා, වෙන අයට ආගමික දේශනා පවත්වන්න දෙන්නේ නෑ. 

මේ කරන්නේ බුදු දහමට නිගාවක්. අහිංසාවාදී බුදුදහම අද බළසේනාකාරයෝ විකෘති කරලා.” යනුවෙනි.

ඊට දින කිහිපයකට පසු මහියංගනය ප‍්‍රදේශයේ පැවති බොදු බල සේනා සංවිධානයේ සමුළුවකට සහභාගී වෙමින් එම සංවිධානයේ සභාපති ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් ඒවා ඔප්පු කර පෙනවන ලෙසට ඇමතිවරයාට අභියෝග කර තිබූ අයුරු කාගෙත් කතා බහට ලක්වී තිබුණා.

ගෑණුත් නොවන, පිරිමිත් නොවන කාන්තා නේවාසිකාගාර වල මුරකාර රස්සාවට ගැලපෙන එවුන් එවන්න එපා හත් ඉලව්වේ පාර්ලිමේන්තුවට. ඒ වගේ දුර්වලයෝ ආව ගමන් එන්ජීඕ කාරයෝ අල්ලගන්නවා. ඇයි ඌට පිරිමි කමක් නැහැනේ. ඇයි ඌට ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න බැහැනේ. ආන්න එහෙම එකෙක් ඉන්නවා බදුල්ලේ. තමුන්නාන්සේලාගේ ජන්දයෙන් තමයි ඌ වැඩිපුර පාර්ලිමේන්තුවට යන්නේ. අර ඩිලාන් පෙරේරා නැමැති වල් සතා. 

මොකද මේ තක්කඩියා ඊයේ පෙරේදා හාලි ඇල පල්ලියකට ගිහිල්ලා. මේ කාලකන්නි වල් ඇමතියා කියනවාලු බොදුබල සේනා අරවා මෙව්වා ජාතිවාදී සංවිධාන අපි නිකන් ප්‍රභාකරන්ට වඩා භයානකයිලු. හාලි ඇලට ආවොත් බලාගන්නවලු. එනවා තමයි යකෝ. අනිවාර්යෙන්ම හාලි ඇලට එනවා. උඹ මොන නරියෙක්ද? උඹ හාල් මැස්සෙක්. 

මම අභියෝගයක් කරනවා. ඩිලාන් පෙරේරා තමුන්නාන්සේ වගකීම ගන්න ඕනේ. ඒ වගේම ඔප්පු කරන්න ඕනේ. එක තැනකදී හරි බොදු බල සේනා සංවිධානය මුස්ලිම් කඩේකට පහරදීලා තියනවා නම්, අපේ සංවිධානයේ ගෑවිච්ච කෙනෙක් හරි, මම මහියංගනයේ චෛත්‍ය මලුවේදී සිවුරු ඇරලා හමුදාවට බැඳෙනවා. බාරගනින් පරයෝ අභියෝගය.”

http://youtu.be/AB-b0a6Fug0
http://www.33000.lk/2013/08/33000.lk-Bodu-bala-sena-and-Dilan.html

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: