දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය: දෙමළා සම්බන්ධ සිංහලයාගේ ෆැන්ටසිය සහ දෙමළ ප‍්‍රශ්නය

4 Nov

November 4, 2013 | Filed under: Colombo Telegraph,සිංහල | Posted by: 

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 2 කොටස; දෙමළා සම්බන්ධ සිංහලයාගේ ෆැන්ටසිය සහ දෙමළ ප‍්‍රශ්නය

මෙම ලිපි මාලාවේ මුල් කොටස අන්තර්ජාලය තුළ පළ වූ විට ඊට ඉතා ප‍්‍රයෝජනවත් ප‍්‍රතිචාර කීපයක් ෆේස්බුක් හී පළවී තිබිණි. එම ප‍්‍රතිචාර ලැබී තිබුනේ මා සිතන ආකාරයට නලින් ද සිල්වාගේ දෘෂ්ටිවාදී කඳවුරෙනි. එම විවේචන වල හරය ලෙස පෙනෙන, ‘දේශපාලන අභිලාෂ’ ඇතිකර ගැනීමට දෙමළ ලංකාවේ දෙමළ ජනයාට සුජාත අයිතියක් තිබේ ද යන ප‍්‍රශ්නය මෙහිදී සාකච්ඡාවට භාජනය කිරිමට බලාපොරොත්තු වෙමි.

ෆේස්බුක් කොමෙන්ට් කරුවෙක් වන දර්ශන කස්තුරිරත්න ප‍්‍රකාශ කරන්නේ මෙසේය:

“දෙමළ ජනයාට ඇත්තේ අසාධාරණයක් නොව අභිලාෂයක් තමයිග අභිලාෂ කාටත් තියෙනවාග තිබ්බ පළියට ඒවා ඉටු වෙන්නේ නෑනේග මුස්ලිම් ජනයාගෙන් කොටසකටත් වෙනම රාජ්යයකට අභිලාෂයක් ඇතිග වතුකරයේ දෙමළ ජනතාවගේ නායකයන්ටත් එවැනි අභිලාෂයක් ඇතිග කොටින්ම වන්නියලැත්තන්ට උනත් එවැනි අභිලාෂයක් නැතැයි කාටද කියන්ඩ පුළුවන්ග අභිලාෂ තිබ්බ පමණින් ඒවා ඉටු වෙන්නේ නෑග ඉටු විය යුතුයි කියලා නියමයකුත් නෑග අසාධාරණයක් වෙනවානම් ඒක නිවරදි කළ යුතුයිග ඒක වෙනම කාරණයක්ග මාධ්යවල එතරම් කතා නොකළාට දෙමළ බහුතර පළාත්වල ඉන්න සිංහල ජනයාටත් විවිධ පරිපාලන සහ දේශපාලන පීඩන එල්ල වෙනවාග දෙමළ ජනතාවට ඉංගිරිසීන් විසින් පැනවූ උතුරු සහ නැගනෙහිර පළාත්වල වෙනම රාජ්යයක් පිහිටුවීමෙන් දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු වෙන්ඩ පුළුවන්ග නමුත් එයින් ඒ පළාත්වල සිටින සහ සිටි සිංහල සහ මුස්ලිම් ජනතාවට වූ අසාධාරණකම් නිවරදි වේද?”

මෙතන දී මූලික ප‍්‍රශ්නය වන්නේ දෙමළ ජනයාට සාමූහික දේශපාලන අභිලාෂ ඇතිකර ගැනීම සඳහා වූ අයිතිය විනිශ්චය කරන්නේ කෙසේ ද යන්නයි. තවත් ෆේස්බුක් කොමෙන්ට් කරුවෙක් වන ශිරන්ත චාමර ට අනුව ‘දුක්ගැනවිලි’ තිබේනම් ඒවාට සවන් දී ඒවා විසඳීම කළ යුතු දෙයක් වුවද ‘අභිලාෂ’ (ඉංගී‍්‍රසියෙන් කරනු ලැබ ඇති ඔහුගේ අදහස් දැක්වීමේ දී ඔහු භාවිත කරන වචනය වන්නේ expectation යන්නයි. මා සිතන ආකාරයට නිවැරදි යෙදුම වන්නේ interests  යන්නය ) වලට සවන් දීම කළ නොහැක්කකි.

මෙම අදහස් දැක්වීම් දෙස බැලීමෙන් ඉතා වැදගත් දෙයක් පැහැදිළි වේ. එනම් ප‍්‍රශ්නයක් තිබෙන බවය. ඇත්ත වශයෙන්ම මේ අදහස් දැක්වීම් වල ප‍්‍රශ්නය සඳහා විසඳුම් ද යොජනා වේ. නලින් ද සිල්වාගේ අනුගාමිකයෙක් ලෙස තෙමේ ම හඳුන්වා ගන්නා ශිරන්ත චාමර ගේ විසඳුම මෙයයි:

“There is only one solution as I always believe just allow natural mixing and let the sinhala nation evolve into a new nation with tamils and muslims becoming parts of it. There you should believe in humanity all the people have in their souls.”

(මා සැමවිටම විශ්වාස කරන පරිදි ඇත්තේ එකම එක විසඳුමකි, එනම් ස්වභාවික ජනසම්මිශ‍්‍රණයට සහ දෙමළුන් හා මුස්ලිමුන් ද කොටසක් වන ආකාරයට සිංහල ජාතියට විකාශය වීමට ඉඩ හැරීමයි. එහි දී ඔබ සියළුම මනුෂ්‍යයයින්ගේ ආත්මය තුළ තිබෙන්නා වූ මනුෂ්‍යත්වය කෙරේ විශ්වාසය තැබිය යුතුය.)

මෙම විසඳුම පිළිබඳ විස්තරාත්මක සාකච්ඡාවක් අවශ්‍ය වන අතර එය පසුව කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම ප‍්‍රකාශය පිළිබඳ කල්පනා කරන විට මට සිහියට නැගුණු අවස්ථා දෙකක් මෙහි දී සඳහන් කිරීම උචිත යැයි සිතමි. පළමුවැන්න මට මතක විධිහට මීට වසර විසි පහකට පමණ පෙර එක් විශ්ව භාෂාවක් ගොඩ නැංවීම පිළිබඳ ප‍්‍රශ්නය මතු කෙරුණු අවස්ථාවක මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා ඊට ප‍්‍රතිචාර දැක්වූ අවස්ථාවකි. දෙවැන්න ගුණදාස අමරසේකර ගේ ‘ගමනක මුල’ නවකතා මාලාවේ එන සාකච්ඡාවකි.

පළමු අවස්ථාවේ දී මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් දෙනු ලැබූ පිළිතුර වූයේ මෙවැන්නකි: ‘‘විශ්ව භාෂාවක් ඇති කිරීම පිළිබඳව මතුවන ප‍්‍රශ්නය වන්නේ එම විශ්ව භාෂාව බවට පත්වන්නේ කුමන භාෂාව ද යන්නයි. එය සිංහල වනවාට මා කැමති විය හැකි නමුත් සියළු දෙනාම එයට කැමති වන්නේ නැත.’’

ශිරන්ත චාමරට අනුව විකාශය විය යුත්තේ සිංහල ජාතියයි. මට තේරෙන ආකාරයට අවසානයේ ඉතිරි විය යුත්තේ ද සිංහල ජාතිය යි. අවධානයට ගත යුතු වැදගත් දෙය වන්නේ විවිධ අභිලාෂ අතර ඇති පරස්පරතා අසමාන හැකියාවන් හා අවස්ථා යටතේ ගැටෙන තත්වයක් මත විනා අතීශය සාමකාමී හා සමානාත්මතා පදනම මත සිදුවන ‘විකාශයක්’ යනු මනඃකල්පිතයක් පමණක් බවයිි. ප‍්‍රශ්නය වන්නේ එවැනි තත්වයක් තුළ, අඩුම වශයෙන් ශිරන්ත චාමර ගේ කැමැත්ත ඇති ‘විකාශයක දී’ මුස්ලිම් හෝ දෙමළ අනන්‍යතා ඉතිරි වන බවක් පෙනෙන්නේ නැත. මෙම ‘විසඳුම’ පිළිබඳ අප කුමක් සිතුවද ගැටලූව වන්නේ තම කණ්ඩායම් අනන්‍යතා සිංහල අනන්‍යතවය තුළ දියවී යාමට නියමිත එවැනි ව්‍යාපෘතියකට දෙමළ හා/හෝ මුස්ලිම් ජනයා කැමති වේ ද යන්නයි. ඇත්ත වශයෙන්ම එහි දී යමප්බසඑහ පිළිබඳ අදහසට ජාතික අනන්‍යතා ඉක්මවා යන අර්ථයකින් නම් එතරම් අර්ථයක් ලැබේ යැයි සිතිය නොහැකිය. මා සිතන ආකාරයට ලංකාවේ සුළු ජනවර්ග පිළිබඳ සිංහල-බෞද්ධ ෆැන්ටසිය වන්නේ ඇත්ත වශයෙන්ම මෙයයි. විශේෂයෙන්ම ගොඨාභය රාජපක්ෂ වැන්නෙක් මෙවැනි ‘විසඳුමක්’ වෙනුවෙන් ඉතාම උනන්දුවෙන් කටයුතු කරනු ඇති බව මම සිතමි.

අනෙක් අවස්ථාව මෙයයි: ගුණදාස අමරසේකර ගේ ‘ගමනක මුල’ නවකතා මාලාවේ ‘ගමනක මැද’ කොටසේ, නවකතා මාලාවේ කතා නායකයා වන පියදාස 1970 ගණන් වල මුල සමගි පෙරමුණ ආණ්ඩුව බලයේ සිටි සමයේ සිය පවුල ද කැටුව යාපනය විශ්වවිද්‍යාලයේ රැුකියාව කරන සිය මිතුරකු වන මහාචාර්ය පසුපති හමුවිමට යයි. එහිදී ඔහුට හමුවන තරුණ සිංහල රාජ්‍ය නිලධාරියෙකු පියදාසට මෙසේ පවසයි:

‘‘මෙහෙ තියෙන ප‍්‍රශ්නෙට දැන් කරන දේවල් වෙනුවට නිවැරැුදි ක‍්‍රියාමාර්ගයක් නොගත්තොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්… ත‍්‍රස්තවාදී කල්ලි වලට තාම ඔළුව උස්සන්න බැරි වෙලා තියෙන්නෙ ඒවට සාමාන්‍ය දුප්පත් මිනිස්සුන් ගෙන් කිසිම සහයෝගයක් නැති නිසයි. මේ මිනිස්සු බණ්ඩාරනායක මැතිනිය ගෙ ආණ්ඩුවට බොහොම කැමතියි… වෙන දෙයක් නිසා නෙවෙයි, මේ රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා. ඒකෙන් උපරිම ප‍්‍රයෝජන ලබන්නෙ මේ මිනිස්සු. …

‘‘මෙහෙ ඇවිල්ල හය මාසයක් හිටියොත් ඔය දේශපාලන විසඳුම යි කියන එක අමූලික මිත්‍යාවක් බව ඕනැ කෙනෙකුට වැටහේවි. මේ අසරණ මිනිස්සුන්ට දේශපාලන විසඳුමක් වත් පෙඩරල් එකක් වත් ඕනෙ නැහැ. ඒ මිනිස්සු බොහොම කැමතියි අපිත් එක්ක ඉන්න… ඔය දේශපාලන පෙඩරල් විසඳුම් ඕනෙ වෙලා තියෙන්නෙ මේ මිනිස්සු පාගගෙන ඉන්න නායකයන්ටත්, උන් හදාවඩාගත්තු ‘අවර් බෝයිස්ලටත්’ …’’ (පිටු 103-104).

මෙම පැහැදිළි කිරීමට අනුව සාමාන්‍ය දෙමළ ජනයාට වාර්ගික දේශපාලන අභිලාෂ ඇත්තේ නැත. එවැනි වාර්ගික දේශපාලන අභිලාෂ ඇත්තේ දෙමළ ප‍්‍රභූ තන්ත‍්‍රයටයි. ඊට අනුව සාමාන්‍ය ජනයාගේ දේශපාලන විඥානය සකස් වී ඇත්තේ ආර්ථික සාධක වලිනි. අමරසේකරගේ ආඛ්‍යානය තුළ ආර්ථික සාධක පදනම් කරගත් ‘සාමාන්‍ය’ දෙමළ ජනයාගේ එම දේශපාලන විඥානය අවශ්‍ය විඥානය ලෙස ඔසවා තබනු ලබයි. කෙසේ වෙතත් අමරසේකර විසින් මෙම නවකතා මාලාවේම සිංහල ජනයාගේ දේශපාලන විඥානය චිත‍්‍රණය කරන්නේ මීට මුළුමනින්ම පරස්පර ආකාරයෙනුයි. එහි දී ආර්ථික සාධක පදනම් කරගත් දේශපාලන හැසිරීමක් සාමාන්‍ය ජනයාගෙන් බලාපොරොත්තු වූ වාමාංශික දේශපාලනය අමරසේකරගේ දැඩි විවේචනයට ලක්වන අතර ඊට පරස්පරව වාර්ගික සවිඥානකත්වය පදනම් කරගත් දේශපාලන හැසිරීමක් උදෙසා පෙනී සිටිනු ලබයි. එනම් එහිදී සිංහල වාර්ගික සවිඥානකත්වය අවශ්‍ය දේශපාලන විඥානය ලෙස ඔසවා තබනු ලබයි.

කෙසේ වෙතත් මෙම ප‍්‍රවේශය මා හඳුන්වා දීමට කැමැත්තේ දෙමළා සම්බන්ධ සිංහලයාගේ ෆැන්ටසිය ලෙසටයි. ගැටලූව වන්නේ මේ ප‍්‍රවේශය මගින් ‘දෙමළාගේ ප‍්‍රශ්නය’ තෙරුම් ගැනීමට අපට උපකාරයක් ලැබේ ද යන්නයි. ගුණදාස අමරසේකරගේ ‘පියදාස’ යාපනයට ගොස් සුළු කලකට පසුව පැවැත්වෙන 1977 මහා මැතිවරණයේ ප‍්‍රතිඵල කවාරාකාර ද? පෙඩරල් විසඳුමක් නොව වෙනම රාජ්‍යයන් වෙනුවෙන් ඡුන්දය ඉල්ලූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට අතිවිශාල ජයක් ලැබුණු අතර සමගි පෙරමුණු ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂය වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ‘මැතිනියට’ ඒ ප‍්‍රදේශවල ජනයාගේ කිසිඳු දේශපාලන ආකර්ශනයක් නොමැති බව පෙන්නුම් කෙරිණි.

මෙහි දී මා මතු කරන මූලික ප‍්‍රශ්නය වන්නේ මෙයයි: මෙම ප‍්‍රශ්නය තේරුම් ගත යුත්තේ දෙමළා සම්බන්ධ සිංහලයාගේ ෆැන්ටසිය අනුව යමින් ද එසේත් නැතහොත් දෙමළ ජනයාගේ දේශපාලන හැසිරීම් පිළිබඳ ‘යථාවාදී’ තක්සේරුවකින් ද?

මතු සම්බන්ධයි

Colombo Telegraph

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: