සැබෑ මුහුණු සහ වෙස් මුහුණු

3 Nov

ඉසිප්‍රියා අත් අඩංගුවට ගෙන ලිංගික අතවර කොට  ඝාතනය කිරීම පිළිබදව මුහුණු පොත තුල බෞද්ධාගම පිළිබදව කතා කරන  එක් සමූහයක සිදුවූ සංවාදයක කීප දෙනෙකුගේ අදහස් මෙලෙස ඉදිරිපත් කරනුයේ අප රටේ ආගමික කතිකාවතක් වෙනුවෙන් බොහෝ දුරට අදහස් දක්වන පිරිස් හී සිත් සතන් වල අභ්‍යන්තරයේ පවතින නියම ස්වරූපය හෙලිකර දැක්වීම උදෙසායි .   

Kumara Dasanayaka Thilina Sunendra මුලින්ම රටට හොද නැති නිසයි අප මෙය කතා කල යුත්තේ කතා නොකර ඉදීමෙන් තමයි රටට හොද නැත්තේ. මොකද මේකට අණ දුන්න සරත් ෆොන්සේකා මහත්තයත් යුධ අපරාධ නඩුවට පෙනී සිටින්න භය නැහැ ඇයි ඔබ බිය වන්නේ ? ඒක මග හරිනවා කියන්නේ පලා යන එකයි . ලංකාවේ මිනිස්සු පලා යන බිය ගුල්ලන් කියලා මම කියන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රස්නය මග හැර ගොස් නොවෙයි එයට නිර්භීතව මුහුණ දීමෙන් විසදා ගත යුතුයි. එහෙම නැති උනොත් කළු පැල්ලම් එකතු වෙන්නේ සමස්ථ රටටත් , හමුදාවටත් බව ඔබ නොදන්නේද ? මොනවද කොහෙද ඉවර උනා කියන්නේ ? ඉවර උන ප්‍රස්නයක් කතා කරන්න බිය ඇයි. යුද්ධයෙන් පසු ජනතාවට මොනවාද ලැබුණේ කියලා රතුපස්වල ජනතාවගෙන් අසා ගන්න. ඔබ කියන්න බලන්න යුද්ධයෙන් පසු ජනතාව වෙනු වෙන් පාර්ලිමෙන්තුව තුලදී සම්මත කර ගත් ජනතාවාදී අනපණත් එකක් දෙකක් ගැන.මම හිතනවා ඔබ අන්දයෙක් හෝ හොළුවෙක් හෝ බිහිරෙක් නොවෙයි කියලා. ඒක නිසා ඔබ ඔය ප්‍රස්නය මගෙන් අහන එක සුදුසු මදි .

Thilina Sunendra කවුද කතා කරන්න බය? කවුද කතා නොකර හිටියේ? ඕවා කතා කරලා ගොඩක් කල්. අනිත් ඒක මෙතන විසදගන්න ප්‍රශ්නයක් නැ.ඒවා සේරම විසදලා ඉවරයි. බොරු රගපෑම් කියලා ලෝකෙටම ඔප්පුකරලා පෙන්නුවනේ මහත්තයෝ. ඔබ නින්දෙන් නැගිටලා වගේ කතා කරන්නේ. අනිත් ඒක ඔබට දේශපාලනේ කතා කරන්න ඕන නම් අපි ඒක වෙනම කතා කරමු. යුද්දේ ගැන කතා කරන්න ඕන නම් ඒක ගැන කතා කරමු. නැත්තම් යම් කිසි සිද්ධියකට ආගම බලපාන්නේ කොහොමද කියලා වෙනම කතා කරමු. මේ තුනම එකට කතා කරන්න බැ. අනිත් කාරණය මෙම සිදුවීමෙන් හමුදාවට කළු පැල්ලමක් එකතු වෙනවාට ඔබ අකමැති නම් ඇයි මෙමෙ වීඩියෝවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගන්නේ ? එසේ කර ඔබගේ විරෝධය පෙන්වන්න. “සිංහල බෞද්ධ රටක හතුරෙක් උනත් යටත් වූ පසු දූෂණය කොට මේ ආකාරයට මරා දැමීම” මේකෙන්ම පේනවා ඔබතුමා අදහස් කරන දේ. අනිත් ඒක ඔබ දේශපාලන අනාථයෙක්. එකයි වැදගත් කතාවකට රතුපස්වල ඇදලා ගත්තේ. මටත් දේශපාලන පැත්තක් තියෙනවා හැබැයි මම හැම දෙකටම ඒක ගාවාගන්නේ නැ. යුද්දෙන් හොදටම බැටකාපු අම්පාර ප්‍රදේශයේ අයෙකු හැටියට මම ඔබගෙන් ඇහුවේ වැරදි ප්‍රශ්නයක්.

Miranda Wijethunga මේවා අපේ හමුදාව කළා කියලා තවම ඔප්පු වෙලා නෑ . එහෙත් යම්හෙයකින් එසේ කළා නම් ලංකාවේ පවතින නීතිය යටතේ දඬුවම් දිය යුතුයි. අර ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිද්ධියේදී කළා වගේ.මොකද හමුදාවක විනය කියන එක ඉහලින්ම තියෙන්න ඕනි නිසා. එහෙත් ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දෙන්න ඕන කියන එකට නම් මම එකඟ නෑ .

Ranga M. Weerakkody Kumara Dasanayaka: දූෂණය වුණු බව ඔප්පු කරන්නේ කොහොමද?

Sameera Chandrasiri Kumara Dasanayaka……..බුරු මහත්තයෝ ඔහේ ඔය කියන ෆොන්සේකාවත් යුද්දාදිකරණයට ගෙනියන්න හැදුවේ චැනල් 4 ම තමයි එතකොට ඔහේ ඔය කෙල හල හල බලන චැනල් 4 එකේ පහුගිය අවුරුදු 30 ක් තිස්සේ දකුණේ ගම පිටින් කපපුව බස් බෝම්බ මාලිගාවට ගහපු එක ශ්‍රී මහා බොඩිය ලග කොරපු සංහාරය දිගාමඩුල්ල යකා කෙටු වැව සහ මෙකි නොකී දහස් ගණනක් බල්ලෝ බළල්ලු වගේ සිංහල අහින්සකයින්ව මරපුව දන්නේ නැත්තේ අයි ඒ එකක් හරි දල තියනවද ……නිකන් තමන්ගේ අවජාතක කම ප්‍රදර්ශනය කොරන්න එපා එතකොට තමුන්ගේ අම්මගේ චරිතෙත් සවුත්තු වෙනවා (දැන් අම්මව මතක් වෙලා බල්ලෙක් වගේ මට බුරන්න එපා මොකද මම බල්ලෝ මරන්නේ න ඔහෙට බුරන්න විතරයි වෙන්නේ) මල් පො..නයා….

Thilina Shamika මෝඩ මී හරක් ආතල් ගන්නවා එක එක එකාලගේ ස්වයං වින්දන වීඩියෝ බලලා… යකෝව් උන් කරපුවා හොඳයිද එතකොට…???

මට නං මේ පොටෝවල කිසිම සම්බන්ධයක් පේන්නැ… හැබැයි කතා දෙකක් නෑ ත්‍රස්ථාවදය ඉවරකරන්න වෙන විදියක් නෑ මේ ගිය විදිය හරි… එක එකාලා මොනා කිව්වත් කොහොමද කියන්නෙ මේක මෙහෙම වුනා කියලා…

ගොං ආතල් අරන් වටේ පිටේ ඉන්න එවුන්ව අවුස්සලා තව වෛරය වැඩි කරපං එතකොට නින්ද යයිනේ..

Yohan Medhanka කවුරු කළත් වැඩේ වැරදියි.. කොටි, ත්‍රස්තවාදීන් බව කවුරුත් දන්නවා…
නමුත් හමුදාව කියන්නේ රටක නීතිය පිලිගත් ආයතනයක්.. මානුෂීය මෙහෙයුම් කරන්නේ මෙහෙමද?
කවුරු කළත් වැඩේ වැරදියි!

Yohan Medhanka ණයට ගන්නෙත් ඩොලර් වලින්.. යුද්දෙට බඩු ගත්තෙත් එව්වයින් :ඩ්

Anton M Fernando මේකද? ඔය කියන සිංහල බුද්ධාගම? තමන්ගේ ම රටේ මිනිස්සු එක එකාව මරාගෙන ඊට පස්සේ එක පැත්තක් තව පැත්තක් සම්පූර්ණයෙන්ම මරල දාල ඒකට කිරිබත් කකා සතුටු වෙන එක.මේක බුද්ධාගම නෙමෙයි අමුම අමු තිරිසන් වැඩක් කියලයි මට හිතෙන්නේ . අඩුම ගානේ යුද්දේ ඉවර උනාට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා මැරිච්ච අය වෙනුවෙන් ශෝක දිනයක්වත් තිබ්බද? සිංහල විතරක් නෙමෙයි දෙමළ අයත් වෙනුවෙන්. තමුන්නාන්සේලා හිතන්නේ දෙමළ අය අපිත් එක්ක මරාගෙන මැරෙන්න ආවේ පස්ස පැත්තේ අමාරුවකට කියලද? කාල බීල වැඩක් බලන් ඉන්නැතුව? දැන් ඔහේ කියන්නේ උන්ට කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ. උන්ට ප්‍රභාකරන් බොරු කියල brain wash කරලා මෙහෙට එව්වා කියලනේ මරාගෙන මැරෙන්න. දැන් තමුන්නාන්සේලා වත් brain wash කරලා නේ තියෙන්නේ. මොකෝ යුද්දේ කාලෙ ගියේ නැත්තේ යාපනේට කොටි මරන්න. එහෙදි මැරුණේ අසරණ ජීවත් වෙන්න විදිහක් නැතුව ගම් වල හිටපු අසරණ තරුණයෝ. ඔහෙලා මෙහෙ පට්ට ඩයල් වගේ කියෙව්වට ඒක කලේ නෑනේ. මම නං කියවන්නේ නෑ . මොකෝ මම දැන්ම මැරෙන්න බයයි. මට වගකීම් තියෙනවා. ඒ නිසා මොකා කිව්වත් මම නං යුද්දෙට යන්නේ නෑ.
මම හිතන්නේ මිනිස්සු ගොඩක් වෙලාවට වැරදි කරන්නේ සමාජීය හේතු නිසා.(මානසික හේතු නිසාත් මිනිස්සු වැරදි කරනවා . නමුත් මනෝ විද්‍යාවට අනුව කුඩා කාලයේ මිනිස්සුන්ගේ අමිහිරි අත්දැකීම් ඒවාට හේතු වෙනවා . ඒ නිසා මිනිස්සුන්ව හිරේ දාන්නේ උන්ට දඬුවම් දෙන්න නෙමෙයි . නැවත හොඳ මිනිහෙක් කරලා සමාජයට ගන්න .) විශේෂයෙන් හොරකම් ,මිනීමැරුම්. ත්‍රස්තවාදය උනත් එහෙමයි. කව්රුත් කැමතී ගෞරවයෙන් ජීවත් වෙන්න . වැරදි කරන්නේ අසරණ කමට. ත්‍රස්තවාදය පීඩිත පන්තියේ සුසුමයි කියල ඉජාස් අහමඩ් කියන චින්තකයා කිව්වේ එකයි.
අපි කව්රුත් අර සටන් කරපු දෙමළ මිනිස්සුන්ගේ තත්වෙට පත් වෙන්නේ පුදුම විදිහට අසරණ උනාම. මට නං ඒක දුක් වෙන්න ඕනේ කාරණයක්. මට ඇත්තටම දුකයි මිනිස්සු අසරණ වෙලා ඒ තත්වෙට පත් වෙන එක ගැන. හරි. යුද්දේ කලා කියමුකෝ වෙන කරන්න දෙයක් නැති කමට. ඊට පස්සෙවත් ඔහෙලට නැනේ කිසිම සංවේදී බවක්. සත්තු හොඳයි අයි සේ .සමහර දර්ශනවාදීන් සත්තුන්ගේ අසරණ කම දැකල පිස්සු හදාගෙන තියෙනවා. (Friedrich Nietzsche). ඔහෙලට මිනිස්සු ගැනවත් ඒ සංවේදී කම නැති එක මට හරි පුදුමයි. මහා ලොකු බෞද්ධයෝ. ලැජ්ජයි

Sujeeva Gunaratne මේ විදිඕ එක දෙස බලන විට ටෙලි නාටයක් මෙන් චෙන්ටර් කර ඉතා ලස්සනට වීඩියෝ කර ඇත. මෙවැනි වීඩියෝ කිරීම් යුද්දයේ වුනේ නැත . මෙය ඇය මැරෙන්නට කලින් කොටි වීඩියෝ යු නිට් එකෙන් සාදන ලද්දකි මා මේ යුද්දයේ සිටිය නිසා වග කීමක් ඇතුව කියමි. ඇය දූෂණය කල බව ප්‍රකාශයක් පමණි . චැනල් 4 සහ ඊ නෙව්ස් ලංකාවත් එක්ක ඇත්තේ ජන්මාන්තර වයිරයකි . තව මෙවැනි වීඩියෝ කීපයක්ම කොටි ඩයස්පෝරාව සතුව ඇත. ඔවුන් ලංකාවේ වැදගත් සිදුවීමක් වන සෑම අවස්ථාවකම මෙවැනි පින්තූර අන්තර් ජාලයට මුදා හරි . මුලින් කිව්වේ ඉසුප්රියා සාමාන්‍ය රේඩි යෝ නිවේදිකාවක් බවත් ඇය සිවිල් වැසියෙක් ලෙස දූෂණය කල බවයි. අයගේ යුනිෆෝර්ම් එක සමග පොටෝ එක එලියට ආ විට දැන් කතාව වෙනස් වී ඇත. මුල් කොම්මේන්ටුව වැරදි නිසා බොරු රංගනයක් මත ගොඩ නගා ඇති වාක්‍යක් මත වාද කිරීම පල රහිතය

Anton M Fernando ඔහේගේ බුද්දිමත් කම මට පේනවා. එතකොට තමුන්නාන්සේගේ හොඳ නරක තීරණය කරන්නේ ප්‍රභාකරන් ද? නියමයි නේ . මම හිතුවේ ඔහේ බෞද්ධයෙක් කියල. ප්‍රභාකරන් මිනිස්සු මැරුව. මිනිහා නරකයි . ඉතින් මමත් නරක උනාම මොකද නේද? ඔහේ මට පේන්නේ ප්‍රභාකරන් ටම හරි යන කෙනෙක් වගේ.
අනේ මේ හලෝ ඔහේ වගේ සතෙක්ටත් වඩා අන්ත එකෙක්ව මගේ මළගම පැත්ත පළාතේ ගෙන්නන්න එපා කියල මගේ අන්තිම කැමැත්තෙ ලියල තියන්න ඕනේ. අනික ඔහේ කතා කරන මුඩුක්කු භාෂාව දැක්කම තේරෙනවා ඔහේ හැදිලා වැදිලා තියෙන සමාජ පසුබිම. ඒ නිසා මට ඔහේ ගැනත් දුකයි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: