සාටකය ඉපැදුණේ කොතැනද?

18 Oct

සාටකය ඉපැදුණේ කොතැනද?

 

Written By Sri Lanka Guardian on Friday, October 16, 2009 | 3:33 PM

 
(October 16, Colombo, Sri Lanka Guardian) සාටකය දැන් අපේ රටේ දේශපාලනයේ විශේෂ ලක්‍ෂණයක් බවට පත්ව ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අඳුරු රතු පැහැති සාටකයක් කරේ දමාගෙන සිටී. ජනාධිපතිතුමාගේ සොහොයුරන් වන බැසිල් රාජපක්‍ෂ හා චමල් රාජපක්‍ෂ ද සාටක පලදිති. පසුගිය දා ජනාධිපතිතුමාගේ ඥාති පුත‍්‍ර ශෂින්ද්‍ර රාජපක්‍ෂ ඌව පළාත් මහ ඇමැති ධූරයේ දිවුරුම් දෙන උත්සවයේ දී ඔහුගේ කරට ද සාටකයක් වැටුණි. මේ සාටකය ඉපැදුණේ කොතැනද?

දුඹුරු පැහැති සාටකයක් පැලදීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ විලාසිතාවක් ද? ඔහු සාටකයක් පලඳින්නේ මන්ද? ඒ සාටකය රතු – දුඹුරු පැහැ ගෙන ඇත්තේ මන්ද? මෙවැනි ප‍්‍රශ්න ගණනාවක් ඇත. 2005 ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා මේ එක් ප‍්‍රශ්නයකට පිළිතුරු දුන්නේය. තමන් කරේ පලඳින සාටකයේ පාට කුරක්කන් පාට බවත්, කුරක්කන් ගිරුවාපත්තුවේ ගොවීන් නියෝජනය කරන බවත් ඔහු පැවැසුවේ ය. ඒ අනුව, රාජපක්‍ෂ මහතා කරේ පලදින්නේ දුප්පත් ගොවීන්ගේ පැහැයයි. කුරක්කන් පැහැයයි. දැනුදු රාජ්‍ය මාධ්‍යවල මේ ගැන කියවේ. ඇතැම් නිවේදකයන් මහින්ද රාජපක්‍ෂ මහතා හඳුන්වා දෙන්නේ අපේ පොළොවේ උපන් කුරක්කන් පාට ඇඳුම් අඳින, දේශිය සුවඳ දන්නා නායකයා ලෙසය.

මේ සාටකය මහින්ද රාජපක්‍ෂ මහතා සොයා ගත් එකක් නොවේ. එය මුලින් ම භාවිතා කළේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පියාගේ වැඩිමහල් සොහොයුරා වන ඞී.එම්. රාජපක්‍ෂ මහතායි. ඔහුට මේ රතු – දුඹුරු සාටකය ලැබීම පිළිබඳව රසවත් කතා පුවතක් ඇත. ඒ කතා පුවත හෙළි කිරීම නිසා රහස් පොලිසියේ මහත්වරු යළි අප සොයා එන්නට ඉඩ ඇත. මේ තොරතුරු ලැබුණු මුලාශ‍්‍ර ප‍්‍රශ්න කිරීමට ඉඩ ඇත. එබැවින් ඒ මහත්වරුන්ගේ පහසුව පිණිස අපට මේ තොරතුරු ලැබුණු ආකාරයේ සිට සියල්ල මෙම ලිපියේ සඳහන් කිරිම වඩාත් උචිත
යැයි අපි සිතුවෙමු. ඒ කතාව ආරම්භ කරන්නට සිදු වන්නේ ලෙනාර්ඞ් වුල්ෆ්ගෙනි.

ලෙනාර්ඞ් වුල්ෆ් යනු ‘බැද්දේගම’ නමින් සිංහල භාෂාවට පරිවර්තනය වූ “ඬඉලලඅගඑ ඉන ටහඑ ජඋනගලඑ” නම් කෘතියේ කතුවරයාය.ලෙනාර්ඞ් වුල්ෆ් 1880 නොවැම්බර් 25 වැනි දා ලන්ඩනයේ කෙන්සින්ටන් හි උපත ලැබීය.

ඔහු 1904 ඔක්තෝබර් මාසයේ ශී‍්‍ර ලංකාවට පැමිණියේ බි‍්‍රතාන්‍ය රජයේ සිවිල් සේවා නිලධාරියෙකු ලෙසිනි. එවකට ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයකි. ඔහු මුලින් ම යාපනයේ පරිපාලන නිලදාරියකු ලෙස සේවය කළේය. මහනුවර ද ටික කලක් සේවය කළේය. 1908 දී ලෙනාර්ඞ් වුල්ෆ් දකුණු පළාතේ බි‍්‍රතාන්‍ය රජයේ නියෝජ්‍ය නියෝජිතයා ලෙස තේරී පත් විය. ඒ අතරම ඔහු හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන පරිපාලන නිලධාරියා ද විය. හම්බන්තොට සාමාන්‍ය ජනතාව වලව් පැලැන්තියේ බල පුළුවන්කාරයන් අතින් පීඩාවට පත් වනු දැක ඔහු කම්පනය විය. ‘විලේජ් ඉන් ද ජන්ගල්’ කෘතිය ද ඇතුළු තවත් සාහිත්‍ය කෘති ගණනාවක් ඔහු අතින් පසු කාලයක බිහි වූයේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ජනතාව විඳි පීඩාව ගැන උපන් කම්පනයෙනි. ශ්‍රී
ලංකාවේ බි‍්‍රතාන්‍ය රාජ්‍ය නියෝජිතයන් සමඟ ද ගැටුම් ඇති කර ගත් වුල්ෆ් 1911 මැයි මස යළි එංගලන්තයට ගියේය. යටත් විජිතවලට නිදහස ලබාදීම වෙනුවෙන් මහජන මතයක් ඇති කිරීමට ඔහු එංගලන්තයේ සිට කි‍්‍රයාකාරී විය. පසුව පූර්ණකාලීන ලේඛකයකු වූ ලෙනාර්ඞ් වුල්ෆ් අවුරුදු 89 ක් ආයු වළදා 1969 අගෝස්තු 14 වැනි දා ලන්ඩනයේ සසෙක්ස් හි දී අභාවයට පත් විය.

1911 දී එංගලන්තයට ගිය වුල්ෆ් 1960 පෙබරවාරි 16 වැනි දා වසර 50 කට පමණ පසු යලි හම්බනතොටට පැමිණියේය. මියයාමට පෙර තවත් එක් වරක් හෝ තමා ආදරය කළ හම්බන්තොට දැක බලා ගැනීම ඔහුගේ අභිප‍්‍රාය විය. ලෙනාර්ඞ් වුල්ෆ් හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරා සංචාරය කළේ බටහිර ගිරුවාපත්තුවේ එවකට ප‍්‍රාදේශීය ආදායම් නිලධාරියා වන ඒල.වී. විතානාච්චි සහ එවකට එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ රුහුණු වාර්තාකරු වූ විජේසිංහ බෙලිගල්ල මහතා සමගිනි. ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගිය චාරිකාවේ විස්තර සටහන් බෙලිගල්ල මහතා එවකට ලේක්හවුස් ආයතනය විසින් පළ කළ සවස පුවත්පතක් වූ ‘ජනතා’ පුවත්පතට ලිපි පෙළක් ලෙස රචනා කරන ලදී. වසර 30 කට පමණ පසුව 1992 දී එම ලිපි පෙළට එස්මන්ඞ් වික‍්‍රමසිංහ පුවත්පත් කලා තිළිණය හිමි විය. පසුව 1995 දී එම ලිපි එකතුව ‘ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක්’ නමින් පොතක් ලෙස පළ කිරීමට විජේසිංහ බෙලිගල්ල මහතා කි‍්‍රයා කළේය. ‘‘සාටකයේ ඇත්ත කතාව’’ අඩංගු වන්නේ ඒ පොතේය.

හම්බන්තොට දිස්ති‍්‍රක්කය යටත් විජිත සමයේ සිටම පවුල් වාදයේ ගොදුරක් බවට පත් වූ දිස්ති‍්‍රක්කයකි. රාජපක්‍ෂ පවුල ඒ අතරින් එක් පවුලකි. බුද්දියගම සිටි ගම්මුලාදෑනියා ඉංගී‍්‍රසි ආණ්ඩුවට පක්‍ෂපාතව සිටි බැවින්, ඔහුට ඉංගී‍්‍රසි ආණ්ඩුව විදානආරච්චි තනතුරක් පිරිනැමුවේය. ඒ තනතුරත් සමඟම ඔහුට කඩුකස්ථාන, රිදී බොත්තම්, පටසරුවාල, ඇඳුම්, නැමීපනා ලැබුණු අතර ඔහු ‘හාමු’ කෙනෙකු විය. බුද්දියගම ගම්මුලාදෑනියාගේ නිවස බුද්දියගම රාජපක්‍ෂ වලව්ව බවට පත් විය. ඞී.එම්. රාජපක්‍ෂ බුද්දියගම වලව්වේ ලොකු පුතාය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පියා වන ඞී.ඒ. රාජපක්‍ෂ මහතා අනෙක් පුතාය. ඞී.එම්. රාජපක්‍ෂ මහතා 1936 රාජ්‍ය
මන්ත‍්‍රණ සභා මැතිවරණයට හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් විය. එවකට මැතිවරණවලදී ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කළේ දේශපාලන පක්‍ෂ සලකුණකට නොවේ. වර්ණයකටය. අපේක්‍ෂකයන් පෙනී සිටියේ වර්ණයකිනි. සාටකයේ කතාව මතු වන්නේ ඞී.එම්. රාජපක්‍ෂ මහතා මැතිවරණය සඳහා වර්ණයක් ඉල්ලා සිටීමේ සිද්ධියෙනි. ඒ සිද්ධිය පොතේ සඳහන් වන්නේ මෙසේ ය.

‘‘නීතීඥ ලූෂියන් පෝලියර්, වික‍්‍රමසූරිය, ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා වගේ ප‍්‍රභූවරු මැතිවරණයට නාමයෝජනා දුන්නා. අන්තිමට ඞී.එම්. රාජපක්‍ෂ උන්නැහේ නාම යෝජනා කඩදාසිය පී.ජේ. හඞ්සන් දිසාපතිතුමාට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරන ගමන් මගේ පාට කුමක්දැයි දිසාපතිතුමාගෙන් ඇහැව්වා. ආ….. ඞී.එම්. රාජපක්‍ෂ. උඹේ පාටදැයි ඇසූ
දිසාපති පී.ජේ. හඞ්සන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් කියලා මෙන්න උඹේ පාට ගනින් කිව්වා. මෙන්න මේ අන්දමට තමයි ඞී.එම්. රාජපක්‍ෂට දුඹුරු පාට ලැබුණේ. ඒජන්ත උන්නාන්සෙගෙ සපත්තු කුට්ටමේ පාට ලැබුණත් එය ද තමන්ගේ වාසියට හරවා ගන්න තරම් ඞී.එම්. රාජපක්‍ෂ දූරදර්ශී වුණා. මම ලබා ගත්තේ දුප්පත් හේන් ගොවියන්ගේ පාට. රුහුණේ කුරක්කන්වල පාට යැයි උදම් අනමින් දුඹුරු පාට සාටකයක් ද කරට දමා ගෙන ඞී.එම්. රාජපක්‍ෂ මැතිවරණය කළා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් – 104 පිටුව) සුද්දාගේ සපත්තුවේ පැහැය හම්බන්තොට කුරක්කන්වල පාට යැයි පීඩිත මිනිසුන් රවටා ජය ගැනීමට තරම් ඞී.එම්. රාජපක්‍ෂ උපක‍්‍රමශීලී විය. අද පොදු ජනතාවගේ පාට යැයි දුඹුරු පාට සාටකය කරලා ගෙන සිටින්නේ ඒ රාජපක්‍ෂ පරම්පරාවේම ඊළඟ පුරුක්ය.ඔවුන්ගේ කරේ තිබෙන්නේ ද එදා ඞී.එම්. රාජපක්‍ෂ ගොවියන් රැවටීමට කරලා ගත් සාටකයමය.

‘‘ඞී.එම්. රාජපක්‍ෂ උන්නැහේට තිබුණෙ දුඹුරු පාට. කුරක්කන් පාට මං ඉල්ලා ගත්තා කියලයි ඞී.එම්. රාජපක්‍ෂ උන්නැහේ රුහුණු පළාතේ හේන් කාරයන්ට කිව්වේ. අපේ කුරක්කන් පාටට ජයවේවා…. කියලා ගමේ මිනිස්සු කෑගැහුවා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් – 102 පිටුව)රාජපක්‍ෂ පවුලේ දේශපාලනය ඇරඹෙන්නේ මේ ආකාරයට බොරු ජනතාවාදයක් පෙන්වා ගිරුවාපත්තුවේ අසරණ ජනතාව රැවටූ ඞී.එම්. රාජපක්‍ෂගෙනි. ඉන් පසුව ගෙවී ගිය කාලය පුරාම හම්බන්තොට දිස්ති‍්‍රක්කය තිබුණේ රාජපක්‍ෂ පවුලේ අත්අඩංගුවේය. ඒ ගැන ඉහත පොත මෙසේ කියයි.

‘‘මෙතැනින් ආරම්භ වූ දේශපාලන රටාව දිගින් දිටගම පැවතුණා. දැං මේ පවුල් අත්තිවාරම ශතවර්ෂ භාගයක් තරම් පැරණියි. පවුල් වාදයෙන් යම් ප‍්‍රෙදශයක් පිරිහීමේ විපාකයට ලංකාවේ ඇති හොඳම උදාහරණය අපේ මේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයයි.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් – 104 පිටුව) හම්බන්තොට දිස්ති‍්‍රක්කයට මේ පවුල් වාදය කොතරම් බලපෑමක් කර ඇති ද යන්නට හොඳම නිදසුන වන්නේ, හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ආසන බෙදා ඇති අන්දමයි. 1945 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභා මන්තී‍්‍ර ඞී.එම්. රාජපක්‍ෂ අභාවයට පත් විය. ඔහුගේ කොන්දගල වලව්වේ වයස සම්පූර්ණ වූ පුතුන් සිටියේ නැත. ඒ නිසා පුරප්පාඩු මන්තී‍්‍ර ධූරය මැදමුලන වලව්වේ ඞී.ඒ. රාජපක්‍ෂට හිමි විය. ඞී.ඒ. රාජපක්‍ෂ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පියාය. මැදමුලන වලව්ව දේශපාලනයට පිවිසි ආකාරයත් රාජපක්‍ෂ පවුලට අවශ්‍ය ලෙස හම්බන්තොට දිස්ති‍්‍රක්කය කැබලි කළ ආකාරයත් මේ පොතේ අපූරුවට සඳහන් වී ඇත.

‘‘මේ ප‍්‍රදේශය මුලින් ම හම්බන්තොට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට අයත් වුණා. 1945 දී හිටපු ඞී.ඒම. රාජපක්‍ෂ මහත්මයා හදිසියේ මළාම, එතුමාගේ මල්ලී, මැදමුලනේ ගොවිතැන් කරමින් හිටපු ඞී.ඒ. රාජපක්‍ෂ මහත්මයා එදා නිතරගයෙන් අයියාගේ අඩුපාඩුව සම්පූර්ණ කළා. වැරදිලාවත් ඞී.එම්. රාජපක්‍ෂ මන්තී‍්‍රතුමා මිය යන වෙලාවෙදි එතුමාගේ ලොකු පුතා ලක්‍ෂ්මන් රාජපක්‍ෂ වයස සම්පූර්ණවෙලා උන්න නම් ඞී.ඒ. රාජපක්‍ෂ බාප්පොච්චිට මන්තී‍්‍රකම ලැබෙන්නෙ නෑ. කොන්දගල වලව්වෙන් මැදමුලන වලව්වට මන්තී‍්‍රකම හුවමාරු වුණේ එදා ලක්‍ෂ්මන් රාජපක්‍ෂ නොමේරු ළමයෙක්ව සිටි නිසා. 1947 මැතිවරණෙ එන වෙලාවෙදි ලක්‍ෂ්මන් රාජපක්‍ෂ වයස සම්පූර්ණයි. මිය ගිය පියාගේ මන්තී‍්‍රකමට ඉදිරිපත් වෙන්න සූදානම් වුණා.

ඞී.ඒ. රාජපක්‍ෂ හොඳටම බය වුණා. ලක්‍ෂ්මන් පුතා ඉදිරිපත් වුණොත්, මම ආපහු මැදමුලන කුඹුරු කරන්න ඕන. දැන් වහාම හමබන්තොට දිස්ති‍්‍රක්කෙ දෙකට කඩලා,ලක්‍ෂ්මන්ටත් ආසනයක් හදලා දෙන එකයි තියෙන්නෙ. වහාම ඞී.ඒ. රාජපක්‍ෂ කොළඹට ගියා.ඞී.එස්. සේනානායක, බණ්ඩාරනායක වැනි නායකයන් මුණ ගැහුණා. කියා සිටියා කරුණාකර හම්බන්තොට කොට්ඨාසය දෙකට කඩන්න. නැත්නම් මෙදා ලක්‍ෂ්මන් එනවා. මට එන්න ලැබෙන්නේ
නෑ. ගෙදර ඉන්න වෙනවා. කරුණාකර හම්බන්තොට දෙකට කඩන්න. මට බෙලිඅත්ත කියලා ආසනයක් බෙදලා දෙන්නැයි ඞී.ඒ. රාජපක්‍ෂ බැගෑපත්ව කන්නලව් කළා.

ඔන්න ඉතින් රාජපක්‍ෂ පවුල්වාදයට අනුව හම්බන්තොට දිස්ති‍්‍රක්කය දෙකට බෙදුවා.1947 දී ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මුලින් ම හම්බන්තොටට තරග කෙරුවා. ඞී.ඒ. රාජපක්‍ෂ බෙලිඅත්තට තරග කළා. එදා ඉඳලා මේ බාප්පයි පුතයි හම්බන්තොට දිස්ති‍්‍රක්කෙ ගරු මන්තී‍්‍රවරු.මේ අතරවාරෙදි ඞී.එම්. රාජපක්‍ෂ මැරුණ මන්තී‍්‍රතුමාගේ දෙවෙනි පුතා අධිනීතීඥයෙක් වෙලා. දැන් ගමේ ඇවිත් දේශපාලනේ ගැන කසුකුසු ගාන්න වුණා. පුංචි බග්පියට් කාර්
එකෙන් ගම්මණ්ඩිවල ඇවිදිමින්, මන්තී‍්‍රකම ගැන තැනින් තැන කන්කෙදිරි ගෑවා. දැන් මේ එනපොට හොඳ නෑ. ජෝර්ජ් රාජපක්‍ෂටත් කෑල්ලක් කඩලා නොදුන්නොත් ලබන සැරේ බෙලිඅත්තට ඉදිරිපත් වෙයි. මේ අතර වාරෙ අගමැති බණ්ඩාරනායක ඡුන්ද ආසන බෙදන කොමිසමක් දැම්මා. ඞී.ඒ. රාජපක්‍ෂ ගිහින් අගමැති බණ්ඩාරනායකට කංකෙදිරි ගෑවා.

ජෝර්ජ් රාජපක්‍ෂට කෑල්ලක් කඩලා නොදුන්නොත් ලබන ඡුන්දෙන් මං කපෝතියි. මේං මේ මුල්කිරිගල ආසනේ මේ මැතිවරණයෙන් (1960 මැතිවරණය) ජෝර්ජ් රාජපක්‍ෂට පාර්ලිමේන්තු යන්නයි බෙදා දුන්නේ. රාජපක්‍ෂ පවුලේ එළි බහින අයට පාර්ලිමේන්තු යන්න ඕන අන්දමට හම්බන්තොට දිස්ති‍්‍රක්කෙත් කෑලිවලට කඩනවා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් – 163 – 164 පිටු)හම්බන්තොට දිස්ති‍්‍රක්කය තුළ රාජපක්‍ෂ පවුලේ පවුල් ආධිපත්‍යය ගොඩනැඟුණේ ඒ අන්දමටය. අද ඒ පවුල් ආධිපත්‍යය මුළු රටටම ව්‍යාප්ත වී ඇත. චමල් රාජපක්‍ෂගේ පුතා වන ශෂින්ද්‍ර රාජපක්‍ෂ ඌව පළාතේ මහ ඇමැති වී ඇත. බැසිල් රාජපක්‍ෂ ගම්පහ දිස්ති‍්‍රක්කයටත්, චමල් රාජපක්‍ෂ රත්නපුර දිස්ති‍්‍රක්කයටත්, ගෝඨාභය රාජපක්‍ෂ කුරුණෑගල දිස්ති‍්‍රක්කටයත්, නාමල් රාජපක්‍ෂ හම්බන්තොට දිස්ති‍්‍රක්කයටත් මීළඟ මහ මැතිවරණයේ දී ඉදිරිපත් කරන බව ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත. අද මුළු රට වසාගෙන පැතිරෙන මේ පවුල්වාදී පිළිලය හම්බන්තොට දිස්ති‍්‍රක්කයට කළ හානිය ගැන ලෙනාර්ඞ් වුල්ෆ් කියන්නෙ මෙසේ ය.
http://slgsin.blogspot.ch/2009/10/blog-post_16.html
‘‘දිගින් දිගටම එකම පවුලක මිනිස්සු මහජන තනතුරුවලට ගියාම සමාජය පිරිහෙනවා.ඉස්මතු වෙන්නෙ පවුලක සංවර්ධනේ. ඒ තනතුරු ලබාගන්න උදවියත් හොඳටම නරක් වෙනවා.ප‍්‍රාදේශීය පවුල් ආධිපත්‍යය ඉතාම නරක දෙයක්. මිනිස්සුන්ට වැඩ කළත් නොකළත් අපි දිනනවා කියලා පෙනුණාම සමාජයට ඒ අය සේවයක් කරන්නේ නෑ. මහජන තනතුරු දීර්ඝ කාලයක් එකම පවුලකටම ලබා දීමෙන් ඒ පවුල දියුණු වෙයි. පොදු සමාජය පිරිහෙයි.

පවුල් ආධිපත්‍යය ලෝකයේ කිසිම රටකට සුදුසු දෙයක් නෙවෙයි. එක පවුලක් දේවත්වයෙන් පිදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි දෙයක්. මිනිස්සු මේ වැරදි ක‍්‍රමයෙන් නිදහස් වෙන්න ඕන. නැත්නම් සෙක්කුවක් වටේ යන හරක් දෙන්නා වගේ එක පවුලක් වටේම යන්න වෙනවා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් – 138 – 139 පිටු)මීට වසර 48 කට පෙර 1960 දී ලෙනාර්ඞ් වුල්ෆ් දුටු තවමත් අප නොදුටු සත්‍යය එයයි. කුරහන් සාටකය නමින් සුද්දන්ගේ සපත්තුවේ පැහැය කරේ දමාගත් ව්‍යාජ දේශපේ‍්‍රමය, බලයට කෑදර පවුල්වාදය අද හම්බන්තොට දිස්ති‍්‍රක්කය ඉක්මවා මුළු රටම වහගෙන ව්‍යාප්ත වී තිබේ. අද පාර්ලිමේන්තුවේත් පළාත් සභා තුළත් බොහෝ දෙනෙක් කරවටා උජාරුවෙන් පැලඳගෙන සිටින දුඹුරු පැහැ සාටකය අපේ රට වැනසූ බොරු දේශපේ‍්‍රමයේත්, වංචාවේ හා රැුවටීමේත් රදල පවුල්වාදයේත් සංකේතයයි. ඒවා පැලඳගන්නවුන් ඉතිහාසයේ කුණු ගොඩට යැවීමට අප රටේ ජනතාව කි‍්‍රයා කළ දිනයක ඒ සාටකය කටුගෙට යවා ප‍්‍රදර්ශනය කළ හැක.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: