‘පොලිස් තර්ජන’: රතුපස්වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

14 Oct

 

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 14 සඳුදා – 15:15 GMT
Rathupasvala

පානීය ජාල අයිතිය ඉල්ලා කල උද්ඝෝෂණය ජීවිත තුනක් බිලි ගත්තේය

පානීය ජල අයිතිය ඉල්ලා සටන් වදින රතුපස්වල ජනතාවට පොලීසියෙන් සිදුවන තර්ජන හා බියවැද්දීම් නවත්වා දෙන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසම වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රතුපස්වල ජල ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලා සියනෑ ජල අයිතිය සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ රථ පෙළපාලියක් ඉරිදා ගම්පහ මිරිස්වත්තේදී පොලීසියේ නිලධාරීන් විසින් බලහත්කාරයෙන් නවත්වා තිබිණි.

ව්‍යවස්ථාවට පටහැණියි

ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් රථ පෙළපාලියට සහභාගී වූවන් බියවද්දා, සියල්ලන්ම අත් අඩංගුවට ගන්නා බවට තර්ජනය කර නවත්වා දැමූ බව සියනෑ ජල අයිතිය සුරකීමේ සංවිධානයේ කැඳවුම් කරු ප්‍රමිත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට පැවසීය.

පෙළපාළි සහ උද්ඝෝෂණ පැවැත්වීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ මූලික අයිතිවාසිකමක් බව පෙන්වා දෙන සියනෑ ජල අයිතිය සුරකීමේ සංවිධානය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියා කරන මෙවැනි පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද සිය පෙත්සම මගින් ඉල්ලා සිටියි.

මෙම සිදුවීමට අදාල පැමිණිල්ලක් ගම්පහ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ බවද ප්‍රමිත හෙට්ටිආරච්චි සඳහන් කළේය.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/10/131014_rathupasvala.shtml

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: