ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නෑ – අගවිනිසුරු

14 Oct

ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නෑ – අගවිනිසුරු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 14 සඳුදා – 17:19 GMT
Mohan piris

බන්ධනාගාරයක සිදුවන ගැටුමකදී සිරකරුවන් මිය යා හැකි බව අගවිනිසුරුවරයා පවසයි

බන්ධනාගාරයක සිදුවන ගැටුමකදී මරණයක් සිදුවීම මානව හිමිකම් උල්ලංඝනය වීමක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව පවසන අගවිනිසුරු මොහාන් පීරිස් පසුගිය වසරේ ජුනි මාසයේදී වව්නියාව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් මියගිය එල්ටීටීඊ සැකකරු ගනේෂන් නිමලරූබන්ගේ දෙමව්පියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප කළේය.

එල්ටීටීඊ සැකකරුවන් වැඩි ප්‍රමාණයක් රඳවා සිටි වව්නියාව සිරකඳවුරේ සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවේ දෙපාර්ශවය අතර හටගත් ගැටුමෙන් අනතුරුව වෙනත් සිර කඳවුරකට මාරු කර යැවූ සිරකරුවන් දෙදෙනෙකු මරා දැමිණ.

ඉන් එක් සිරකරුවකු වන නිමලරූබන් හෘදයාබාධයකින් මිය ගිය බව පැවසුණද, ශරීරය මතුපිට තුවාලද මරණයට හේතු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විය.

දේශපාලන රැකවරණ

ඔහුගේ මරණයට හේතු වූ කරුණු හෙළිදරව් කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම තුලින් පෙත්සම් කරුවන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බව නිමලරූබන් ගේ දෙමව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.

නිමලරූබන් ත්‍රස්තවාදියකු බව තමා පුද්ගලිකවම දන්නා බව අධිකරණය හමුවේ කියා සිටි අගවිනිසුරු මොහාන් පීරිස් ඇමරිකාව, රුසියාව වැනි රටවල හටගත් ත්‍රස්ත ප්‍රහාර මැඩලීමේ දී ද මෙවැනි මරණ සිදු වූ බවද සඳහන් කළේය.

මෙවැනි පෙත්සම් පවත්වාගෙන යාමට ඉඩ දීම තුලින් මියගිය පුද්ගලයින් ගේ ඥාතීන් විදේශීය රටවලින් දේශපාලන රැකවරණ පැතීමට ඉඩ ඇති බවද අගවිනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.

නිමලරූබන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නීතිමය සාධාරණයක් ඉටු කර ගැනීමට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහුගේ දෙමවුපියෝ පවසති.

 

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/10/131014_vavniya_death.shtml#FBM297051

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: